ස්වයං රැකියා නියුක්තිකයන්ට 5000 දුන්නෙ දේශපාලන වුවමනාවට – ශ්‍රී ලංකා ස්වයං රැකියා සමිමෙිලනයේ සභාපති

බළන්ගොඩ නන්දන සමිපත්
රටේ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආර්ථිකය අඩාල වීමත් සමග සහන සැළසීම සඳහා රජය මගින් ලබා දුන් රුපියල් 5000 දීමනාව සමහර දිස්ත්‍රික්කවල නිලධාරීන් විසින් ස්වයං රැකියාවල නිරත වෙන අයට ලබා දීමෙිදී දේශපාලන ඕනැ එපාකම් මත කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිමෙිලනයේ සභාපති ඩබ්ලිව් .එමි. මිල්ටන් සිසිර මහතා පවසයි.
පොළොන්නරුව , කැගල්ල , අනුරාධපුර , රත්නපුර ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මටිටමින් ගත් විට ස්වයං රැකියාවල නිරත කොටසකට පමණක් එම රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙන බවත් තවත් කොටසකට එය ලබා නොදීමට ඇතැම් ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු නිළධාරීන් පිරිසක් කටයුතු කර තිබෙන බවත් සභාපතිවරයා කීය. “මෙතැනදී සමහර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම නිලධාරීන් කටයුතු කරල තිබෙන්නේ දේශපාලන ඕනෑ එපාකමි මතද යන ප්‍රශ්නය මතු වනවා” යැයි මාධ්‍ය අමතමින් ඔහු පැවැසීය.
ජනාධිපතිවරයාගෙන් සහ අගමැති වරයාගෙන් සමිමෙිලනය කළ ඉල්ලීමක් අනුව එම රුපියල් 5000 දීමනාව ස්වයං රැකියා කරන ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලැබුණු බව ඒ මහතා පැවැසීය.
නමුත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොටිඨාශ මටිටමින් ගත් විට සිල්ලර වෙළඳසැල් හිමියන්ට , පදික වෙළෙන්දන්ට , කුලී රථ හිමියන්ට , ත්‍රිරෝද රථ හිමියන්ට , ඇඟලුමි ආයතනවල සේවය කරන අයට එම රුපියල් 5000 දීමනාව නොලැබී ඇති බවද ඔහු පැවසීය. “ඒ අය තමන්ගේ ස්වයං රැකියාව කරගෙන ගියොත් පමණක් ජිවිකාව ගෙන යා හැකි පිරිසක්” යැයි මිල්ටන් සිසිර මහතා පවසයි. සංගමය කළ ඉල්ලීම ගැන සළකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම දීමනාව ස්වයං රැකියාවල නිරතව සිටින අයට ලබා දීමට කටයුතු කළා සේම ස්වයං රැකියාවල නිරත වී සිටින තවත් පිරිසකට එය නොලැබීම සමිබන්ධයෙන් සොයා බාලා සුදුසු පියවර ගැනීම සමිබන්ධයෙන්ද අවධානය යොමු කරනු ඇතැයිද මිල්ටන් සිසිර ජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.