සහල් මාෆියාවට වී අලෙවි මණ්ඩලයෙන් උත්තර – මහින්දානන්ද
මෙරට සහල් මාෆියාව මැඩපැවැත්වීම සඳහා යළිත් වී අළෙවි මණ්ඩලය පණ ගන්වන බවත් ඒ ඔස්සේ ලබන කන්නයේදී රජය මගින් වී මෙට්‍රිික් ටොන් ලක්ෂ තුනක් මිලට ගැනීමට සැළසුම්කර තිබෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
රජයේ පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙක්ම තමන් වගාකරන හෙක්ටයාරයක වී වගාවෙන් අස්වැන්න ලෙස ලබන වී කිලෝ පන්දහසෙන් අවම වී කිලෝ දහසක් රජයට අළෙවි කළ යුතු බවද ඒ මහතා කීය.
යටිනුවර ආසනයේ ගන්නෝරුව රණබිම සහ මැණික්දිවෙල ප්‍රදේශවල පුරන් කුඹුරු අස්වැද්දීම නිමිත්තෙන් පසුගියදා (06) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. පුරන් කුඹුරු අස්වද්දන ගොවීන්ට රුපියල් 40000.00 ක පොලී රහිත ණයක් ලබාදීම සහ නොමිලේ පොහොර,බීජ හා කෘෂි උපකරණ ලබාදීම රජය මගින් සිදු කරයි.
පසුගිය කාලයේ වී අළෙවි මණ්ඩලය සතු ගබඩා විකුණා දමා පෞද්ගලික ව්‍යාපාරිකයින්ට සහල් මාෆියාවක් ඇති කිරීමට පසුබිම සකසා තිබුණු බවත් මින් ඉදිරියට එවැනි තත්ත්වයක් රටේ ඇති වීමට කිසිදු ඉඩක් නොතබන බවත් ඒ මහතා කීය.
වී අළෙවි මණ්ඩලය සතු ගරා වැටී තිබෙන ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 100 ක මුදලක් වෙන්කළ බවත් එළඹෙන පෙබරවාරී මාසය වනවිට එම වැඩකටයුතු සියල්ල නිම කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
පසුගිය කන්නයේ වී නිෂ්පාදනයෙන් 75% ක් මිලට ගෙන තිබෙන්නේ කිලෝව රුපියල් 50.00 ට බැවින් නාඩු කිලෝව රුපියල් 97.00 ක මිලකට ලබාදීමේ නොහැකියාවක් නොමැති බවත් සතොසට එම මිලට සහල් අළෙවි කළ හැකිනම් කළු කඩ මුදලාලිලාට එය කළ නොහැක්කේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
රජයේ පොහොර සහනාධාරය යටතේ වී වගාව වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 385000 ක් සහ වෙනත් වගාවන් සඳහා මෙට්‍රික් ටොන් 3850000 ක් ලබාදෙන නමුත් මෙවර කොවිඩ් තත්ත්වය හමුවේ ජනතාව වැඩිපුර වගා කටයුුත වල නිරතවීම නිසා අමතරව තවත් පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් අවශ්‍යය වූ බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණු බවත් එම ප්‍රමාණයද සමඟ මෙවර පොහොර සහනාධාරය යටතේ මෙට්‍රික් ටොන් ලක්ෂ 11 ක් ගොවීන්ට නිකුත් කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.
පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් බිලියන 50 ක් වෙන්කර තිබෙන බවද කෘෂිකර්ම ඇමැතිවරයා පැවසුවේය.
පසුගිය සතියේ පොහොර මෙට්‍රික් ටොන් 30000 ක් මෙරටට පැමිණි බවත් එළඹෙන සතියේ තවත් පොහොර මෙට්‍රික් ටොන් 60000 ක් ලැබීමට නියමිත බවත් කී ඒ මහතා ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා ගැනීමට හැකි බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මහනුවර සම්බන්ධීකරණ කමිටු සභාපති,නීනීඥ වසන්ත යාපා බණ්ඩාර මහතාද සහභාගි විය.
12 Comments
Hello friends, how is all, and what you desire to say concerning this article, in my view its actually remarkable in favor of me. Clarice Frank Lauter
Accepting Christ and following his teachings is the only way to avoid these hellish experiences. Laurella Zachary Danete
You made some nice points there. I looked on the internet for the topic and found most guys will agree with your site. Ulrika Zolly Rodolphe
I am sure this paragraph has touched all the internet users, its really really good article on building up new blog. Chery Tannie Tuneberg
Wow, this article is nice, my younger sister is analyzing these things, therefore I am going to inform her. Donni Griffith Hertberg
Hi there mates, its great piece of writing regarding tutoringand fully defined, keep it up all the time. Collie Wilbert Jonina
But wanna admit that this is very beneficial , Thanks for taking your time to write this. Maryjane Enoch Prakash
You made some clear points there. I did a search on the subject matter and found most guys will consent with your site. Velvet Fielding Streeto
Hey, thanks for the blog article. Really thank you! Really Great. Jonell Nester Etrem
Some really nice and utilitarian information on this web site, too I conceive the layout holds great features. April Camey Rorry
I enjoy reading a post that can make people think. Also, thank you for allowing me to comment. Marena Timmie Venterea
Since the admin of this web page is working, no question very quickly it will be famous, due to its quality contents. Susan Merell Gagliano