සහන පොහොර හොරට විකුණා මාට්ටු

සහන මිලට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබුණු පොහොර තොගයක් වැඩි මිළට අළෙවි කිරීම සඳහා සඟවා තබාගත් හතරලියද්ද නගරයේ වෙළෙඳ සැළක් වැටලූ  මහනුවර දිස්ත්‍රික් පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එහි තිබී කිලෝ 50 පෙහොර මිටි 37 ක් 11 දා සොයා ගෙන තිබේ.

රුපියල් 1500ක් වටිනා කිලෝ 50 ක් බරැති පොහොර මිටියක් රුපියල් තුන්දහසක  මිලකට ගලගෙදර හා  හතරලියද්ද ප්‍රදේශයේ ගොවීන්ට අළෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවූ මෙම වැටලීමේදී අධිකාරිය භාරයට ගත් පොහොර තොගය රුපියල් 1500.00 ක සහන මිලට ගොවීන්  වෙත එම ස්ථානයේදීම නිකුත් කිරීමට වැටලීම සිදුකළ නිලධාරීන් කටයුතු කර තිබේ.

අධික මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරිකයා මහනුවර මහේස්ත්‍රත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ අංශ ප්‍රධානී සමන්ත අතපත්තු මහතාගේ මෙහෙයවීම මත ආර්.එම්.එච් රත්නායක, කේ.ඩී.රණසිංහ, ආර්.බී.හපුහින්න, ආර්.එම්.කේ.බී.විජේපාල, එම්.සී.ඩී.දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.