සල්ලි නැත්තං ඉස්කෝලෙ නෑ

 සල්ලි නැත්තං ඉස්කෝලෙ නෑ

බණ්ඩාරවෙල ප්‍රදේශයේ  බාලිකාවන් සඳහා වන ජනප්‍රිය ජාතික පාසලකට සිසුවියන් ඇතුළත් කිරීමේදී පාසල් සංවර්ධන සමිතිය අනුමත වාර්ෂික පහසුකම් හා සේවා ගාස්තු ඇතුළත් මුදලට අතිරේකව මුදල් අය කිරීම නිසා අඩු ආදායම් ලාභී දෙමව්පියන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. පාසල් සංවර්ධන සමිතිය අනුමත රුපියල් 5500ක මුදලට අතිරේකව විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් විදුහල්පතිනියගේ වුවමනාවට රුපියල් 7500ක් බැගින් ඉල්ලා සිටින බව අප හා අදහස් දැක්වූවෝ පැවසූහ.

මෙහි විමතියට හේතුවන කරුණ නම් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව පිටස්තර පාසල්වලින් ඇතුළත් කෙරෙන දරුවන්ගේ දෙමව්පියන්ට පවා මෙසේ බලපෑමට ලක්වන්නට සිදුවීමයි. ඇතැම් අවස්ථාවල තමන්ගේ ආදායම පිළිබඳ විදුහල්පතිනියගේ තක්සේරුව මත වැඩි මුදලක් ගෙවන්නට සිදුවන බව පැවසූ දෙමව්පියන්ද අපට තොරතුරු සැපයූහ.

මෙසේ එක්රැස් කෙරෙන මුදල් යොදවා පාසල සංවර්ධනය කිරීම හා අලංකරණය සිදු වූවත් සියලු දෙනාට එය දරාගත නොහැකි බව පෙන්වා දෙන අඩු ආදායම් ලාභී දෙමව්පියෝ පවසන්නේ පාසල්වල අනුමත මුදලින් බැහැරව මුදල් එකතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි

සමිත කහංගල ආරච්චි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *