සරසවියට අයදුම් කරන්නට පෙර සිතන්නට යමක්

“ලංකාවේ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ සභාපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර” 

කොවිඩ්-19 වසංගතය හමුවේ 2020 ඔක්තෝබර් මස පැවැත්වුණු අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල පසුගිය මැයි 4 වැනි දින නිකුත් වූ අතර පැරණි හා නව නිර්දේශ යටතේ පෙනී සිටි 301771ක් අතුරින් 194297 දෙනෙකු විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇති බව වාර්තා වූයේය. එලෙස සුදුසුකම් ලැබූ දරු දැරියෝ මේ දිනවල සිය අයදුම්පත් මාර්ගගත ක්‍රමයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කිරීමෙහි නිරතව සිටිති. සාමාන්‍යයෙන් තමාට ගැලපෙන උපාධි පාඨමාලාවක් තෝරා ගැනීමේදී උසස් පෙළ සමතුන් මුහුණ දෙන ප්‍රශ්න රාශියක් ඇති බව අපි අත්දැකීමෙන් ම දනිමු. විශේෂයෙන්, ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, කළමනාකරණ වැනි, වැඩි දෙනෙක් හොඳින් දන්නා පාඨමාලා හැරුණු කොට අලූත් මාදිලියේ උපාධි පාඨමාලාවලට ඉල්ලූම් කිරීමේදී බොහෝ දෙනෙක් දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙති. මේ වන විට වසර 25ක කාලයක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අපට මෙයාකාරයට සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව තරමක අවබෝධයක් ඇත්තේය. ×ති දරු දැරියන් හිතමිතුරන්ගේ දූ පුතුන් විසින් වරින් වර අසන ලද ප්‍රශ්න ගණනාවකට අපි පිළිතුරු දී ඇත්තෙමු. විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට පෙරාතුව උසස් පෙළ සමත් දරු දැරියන් විසින් අවධානය යොමු කළයුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙලෙස තරමක් පමා වී හෝ සටහනක් තබන්නට අදහස් කළේ ඒ නිසාය.

අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් අවම අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබූවද අපේ රටේ රජයේ විශ්ව විද්‍යාලයක උපාධියක් හැදෑරීමේ වරම් ලැබීම අතිශය දුර්ලභ අවස්ථාවක් බව අප පළමුකොට ම තේරුම් ගතයුතු වන්නේය. එම දුර්ලභ අවස්ථාව උÞවන්නේ අවශ්‍ය අවම සුදුසුකම් සපුරාලන අය අතුරින් 20]ක් තරම් වූ සුළු පිරිසකට බව අප තේරුම් ගතයුතු වන්නේය. උÞහරණයක් ලෙස 2018 උසස් පෙළ විභාගයෙන් 167992 දෙනෙකු විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා තිබුණද සැබෑවට ම ඇතුළු වීමට අවස්ථාව ලැබුණේ 31881කට (එනම් 18.98]කට) පමණය. 2017 දී සුදුසුකම් ලැබූ ප්‍රමාණය 163160ක් වූ අතර ඇතුළත් කරගත් ප්‍රමාණය 31415 (19.25) ක් වූයේය. මෙවර 2020 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 10000කින් පමණ වැඩි කිරීමට තීරණය කොට තිඛෙන අතර ඒ අනුව දළ වශයෙන් 43000ක් පමණ බඳවාගනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේය. (ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව හරියට ම දැනගත හැකි වන්නේ එම කටයුත්ත සම්පූර්ණයෙන් ම නිමවූවාට පසුවය.) මෙතරම් සුවිසල් වැඩිවීමක් හරහා වුවද මෙවරද සරසවි වරම් හිමිවන්නේ දළ වශයෙන් 22]කට (194297 අතරින් 43000කට) පමණය. “ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවීම කෙතරම් වටින්නේ දැයි මේ අනුව පැහැදිලි විය යුතු වන්නේය.” විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණු විට —සරසවි වරම්˜ ලැබුණා යැයි අප බොහෝ විට කියන්නේ ඇයි දැයි මේ අනුව පැහැදිලි විය යුතු වන්නේය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේ කටයුත්ත ඉතාම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් කළයුතු දෙයක් බව මේ අනුව පැහැදිලි විය යුතු වන්නේය.

“ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශයට අදාල සියලූ තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක ග්‍රන්ථයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සෑම වසරක ම ප්‍රකාශයට පත්කරනු ලබන අතර 2020 අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාල ග්‍රන්ථය මේ වන විට නිකුත්ව ඇත්තේය. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ —ප්‍රවේශ අත්පොත ” Admission Handbook” නමින් හැඳින්වෙන අතර, සමහර සිසු සිසුවියන් අතර “කැම්පස් පොත” නමින් ද ප්‍රසිද්ධය. රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අපේක්ෂා කරන සියලූ දරුවන් සිය අයදුම්පත පිරවීමට කලියෙන් මෙම අත්පොත ඉතා හොඳින් පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය වන්නේය. එය එක්වරක් කියවා තේරුම් ගැනීම අපහසු නම් දෙතුන් වරක් හෝ කියවා හොඳහැටි අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වන්නේය. තනිව තේරුම් ගැනීම අපහසු නම් ඒ ගැන මනා වැටහීමක් ඇති අයෙකු ගෙන් උදව් ගැනීමේ ද වරදක් නැත්තේය. විශේෂයෙන් විශ්ව විද්‍යාලවල ඇති විවිධ උපාධි පාඨමාලා ගැන මෙන්ම ඒවාට අදාල නා නා විධ විෂය සංකලන පිළිබඳව ද පූර්ව අවබෝධයක් ලබා තිබීම වැදගත් වන්නේය. නිවැරදි අවබෝධයකින් තොරව අයදුම්පත පිරවීම නිසා තමන් වැඩි කැමැත්තක් දක්වන පාඨමාලා අහිමි කරගත් අය පමණක් නොව විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීමේ අවස්ථාව මුළුමනින් ම අහිමි කරගත් සිසු සිසුවියන්ගේ ප්‍රමාණය ද සුළුපටු නොවන්නේය.

විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත කොටස් 10කින් යුක්ත වන අතර මෙවර එම පොතේ මුළු පිටු ගණන 314කි. මෙම අත්පොත භාවිත කිරීම සඳහා වූ උපදෙස් 5-7 පිටුවල සඳහන් වන්නේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ වීමේදී බලපාන ප්‍රතිපත්ති සහ නීතිරීති පිළිබඳ විස්තර පළමු කොටසේ අඩංගු වන අතර උසස් පෙළ විෂයය ධාරාවන්ට සහ විෂයය සංකලනයන්ට අනුව සුදුසුකම් ලැබිය හැකි උපාධි පාඨමාලා පිළිබඳ විස්තර දෙවෙනි කොටසේ ඇතුළත් වන්නේය. විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සඳහා ලබාදී ඇති අංකයන් නොහොත් කේතයන් ගැන තොරතුරු තුන්වෙනි කොටසේ සඳහන් වන අතර විශ්ව විද්‍යාල මගින් පවත්වනු ලබන පාඨමාලා පිළිබඳ සෑහෙන විස්තරයක් 7 වැනි කොටසේ සඳහන් වන්නේය. සිසුන් විසින් නිතර අසනු ලබන ප්‍රශ්න (Frequently Asked Questions – FAQs) සඳහා මෙම අත්පොතේ 8 වැනි කොටස (පිටු 260-269) වෙන්කොට තිබෙන අතර එම කොටස ඉතා වැදගත් බව අපගේ නම් අදහස වන්නේය. අයදුම්පත පිරවීමට පෙරාතුව හැම කෙනෙකු ම මුලින්ම එම කොටස කියවා තේරුම් ගැනීම වැදගත් බව අපගේ අදහස වන්නේය.

2020$21 අධ්‍යයන වර්ෂය (එනම් 2020 උසස් පෙළ සමතුන්) සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති විශ්ව විද්‍යාල 15ක් (විවෘත විශ්ව විද්‍යාලය හැරුණු කොට) මණ්ඩප තුනක් (පාලි වව්නියා ත්‍රිකුණාමලය) සහ සහ උසස් අධ්‍යාපන ආයතන හතරක් මගින් විවිධ උපාධි පාඨමාලා 119ක් පවත්වනු ලබන්නේය. එක් එක් උපාධි පාඨමාලාව සඳහා එකිනෙකට අනන්‍ය වූ කේතයක් (අංකයක්) ලබාදී ඇති අතර එය “යුනි-කෝඩ්”  Uni- Code ලෙස හැඳින්වෙන්නේය. එවැනි කේත 244ක් තිඛෙන අතර ඒ සියල්ල අඩංගු ලැයිස්තුව අත්පොතේ 161-166 පිටුවල දක්වා ඇත්තේය.

මේ අතරින් පාඨමාලා 38ක් සඳහා අÞල විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන ප්‍රායෝගික$යෝග්‍යතා පරීක්ෂණයෙන් ද සමත් විය යුතු අතර, එම පාඨමාලා ලැයිස්තුව අත්පොතේ 168 වැනි පිටුවේ දක්වා ඇත්තේය. අදාල විශ්ව විද්‍යාලය පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රායෝගික$යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර මේ දිනවල ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වන්නේය. ඉඳහිට අදාල විශ්ව විද්‍යාලයේ වෙබ් පිටුවට ගොඩවීම ද ප්‍රයෝජනවත් වනු ඇත්තේය. කෙසේ වුවද අදාල උපාධි පාඨමාලාවට සලකා බැලීම සඳහා ප්‍රායෝගික$යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට අමතරව එම පාඨමාලාවට අදාල කඩයිම් ලකුණ සම්පූර්ණ කර තිබීම ද අනිවාර්ය වන්නේය.

සෑම දරුවෙකුට ම තමන් කැමති උපාධි පාඨමාලා සංඛ්‍යාවක් සඳහා ඉල්ලූම් කළ හැකි අතර, මෙහිලා සුදුසුකම් ලබන පාඨමාලා (කේත Code) උපරිම සංඛ්‍යාවක් සඳහා ඉල්ලූම් කිරීම වැදගත් වන්නේය. මන්ද යත් අයදුම්කරු විසින් කිසියම් පාඨමාලාවක් සඳහා කඩයිම් ලකුණ සම්පූර්ණ කර තිබුණද එම පාඨමාලාවට අදාල කේතය අයදුම්පතේ සඳහන් කොට නැතිනම් ඔහු$ඇය එම පාඨමාලාවට අනුයුක්ත නොකරන නිසාය. එමෙන්ම මෙහිදී මනාපය ප්‍රකාශ කළයුත්තේ වැඩිම කැමැත්තක් ඇති පාඨමාලාවට අදාල කේතයේ (Code) සිට අඩු කැමැත්තක් ඇති කේතය දක්වාය. සෑම දරුවෙක්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මුලින්ම සලකා බලනුයේ පළමු මනාපය දක්වා ඇති පාඨමාලාව සහ විශ්ව විද්‍යාලය සඳහාය. එම පාඨමාලාවට සහ විශ්ව විද්‍යාලයට අයදුම්කරු සුදුසුකම් ලබා නැතිනම් කැමැත්තේ අනුපිළිවෙල අනුව දෙවන මනාපය සඳහන් කර ඇති පාඨමාලාව සහ විශ්ව විද්‍යාලය සඳහා ඊළඟට සලකා බලනු ලබන්නේය. වෙනත් වචනවලින් කියතොත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තේරීමේදී දරුවා ලබා ඇති ඉසෙඩ් අගය  මෙන්ම ඔහු$ඇය දක්වා ඇති කැමැත්තේ අනුපිළිවෙල ද සලකනු ලබන්නේය. තමා කැමති පාඨමාලා සහ විශ්ව විද්‍යාල කේත අනුපිළිවෙලට නිවැරදිව සඳහන් කිරීම ඉතා වැදගත් බව මේ අනුව පැහැදිලි විය යුත්තේය.

කෙසේ වුවද තමා කැමති උපාධි පාඨමාලා සහ විශ්ව විද්‍යාල තේරීමේදී කලින් වසරේ නිකුත් කළ කඩයිම් ලකුණු රටා මත පමණක් පදනම්ව තීරණ නොගත යුත්තේය. පෙර වසරේ කඩයිම් ලකුණු එකම නිර්ණායකය නොවිය යුත්තේය. එම කඩයිම් ලකුණු දක්වීමෙහි (අත්පොතේ පිටු 272-290) අරමුණ එක් එක් උපාධි පාඨමාලා සඳහා ඇති ඉල්ලූම පිළිබඳව යම් අවබෝධයක් ලබාදීම පමණය. සාමාන්‍යයෙන් පාඨමාලාවකට බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කල්තබා තීරණය කරනු ලබන අතර කඩයිම් ලකුණ තීරණය වන්නේ එම වසරේ සුදුසුකම් ලබන දරුවන්ගේ ඉසෙඩ් අගය අනුවය. පාඨමාලාවලට සියලූම සිසුන් බඳවා ගැනීමෙන් පසුව පමණක් අදාල වසරේ කඩයිම් ලකුණු නිකුත් කෙරෙන්නේ ඒ නිසාය. මුලින් පාඨමාලාවට අදාල කඩයිම් ලකුණ තීරණය කොට ඊට වඩා වැඩි ඉසෙඩ් අගයක් ලැබූ දරුවන් ඇතුළත් කරගන්නේය යන්න සම්පූර්ණයෙන් වැරදි අවබෝධයක් වන්නේය.

මේ අන්දමට කැමැත්තේ අනුපිළිවෙලට උපාධි පාඨමාලා තේරීමේදී යටකී පරිදි උසස් පෙළ සමත් දරුවෝ ගැටළු රැසකට මුහුණ දෙති. මේ ගැන යම් දරුවෙකු අපෙන් උපදෙස් විමසුවහොත් අප අසන පළමු ප්‍රශ්නය වන්නේ ඔහු$ඇය වඩාත් කැමති විෂය ක්ෂේත්‍රය කුමක්ද යන්නයි. “ම්….. තවම ඒ ගැන හරියට හිතල නෑ.˜ වැනි පිළිතුරු නිතර අසන්නට ලැඛෙන අතර, උසස් පෙළ සමත්ව සරසවියකට ඇතුළුවීමට සූÞනම් වන දරුවෙකුගෙන් එවන් පිළිතුරක් අසන්නට ලැබීම සැබැවින්ම කනගාටුÞයක වන්නේය. ඔහුගේ$ඇයගේ කැමැත්තට හා දක්ෂතාවයට ගැලපෙන උපාධි පාඨමාලාවකට දරුවා යොමුකරවීම දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද යුතුකම හා වගකීම වන්නේය. වඩාත් නිවැරදිව කියතොත් දරුවාට වඩාත්ම ගැලපෙන විෂය ධාරාව තෝරාගත යුත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවය. කෙසේ වුවද මේ අවස්ථාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා උපාධි පාඨමාලා තේරීමේදී ප්‍රමුඛතාවය දියයුත්තේ අදාල දරුවාගේ කැමැත්ත$ ආශාව සහ දක්ෂතාවය$හැකියාව යන කරුණු කෙරෙහිය. අදාල උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ විද්‍යාර්ථීන්ට රැකියා වෙළඳපොලේ ඇති ඉල්ලූම තුන්වැනි සාධකය විය යුත්තේය. අදාල උපාධිය සඳහා රැකියා වෙළඳපොලේ විශාල ඉල්ලූමක් තිබුණද,දරුවාට ඒ සඳහා දක්ෂතාවයක් නැතිනම් සරසවියේ ඉගෙනීම් ඉතා දුෂ්කර විය හැක්කේය. එමෙන්ම දරුවාට එම උපාධි පාඨමාලාව කෙරෙහි එතරම් ආසාවක් නැතිනම් සරසවියේ ඉගෙනීම් නීරස විය හැක්කේය. බොහෝ විට සිදුවන පරිදි දෙමව්පියන්ගේ රුචි අරුචිකම්වලට අනුව උපාධි පාඨමාලා තේරීම නොකළයුතු වන්නේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලා රාශියක් අතුරින් කැමති අනුපිළිවෙල සැකසීම දුෂ්කර කාර්යයක් බව ඇත්තය. විශ්ව විද්‍යාලවල ඇති විවිධ පාඨමාලාවලට අදාල විෂයය සංකලන නිවැරදිව අවබෝධ කරගැනීම පහසු කාර්යයක් නොවන බව ඇත්තය. යටකී පරිදි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලා පිළිබඳ විස්තරයක් අත්පොතේ 186-257 පිටුවල සඳහන්ව ඇත්තේය. මෑත කාලයේ බොහෝ විශ්ව විද්‍යාල විසින් අලූත් මාදිලියේ රැකියා අනුගත උපාධි පාඨමාලා රැසක් හඳුන්වා දී තිඛෙන බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළයුතුව ඇත්තේය. උÞහරණයක් ලෙස ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මගින් මේ වන විට උපාධි පාඨමාලා 15ක් පවත්වනු ලබන අතර, ඒ හැමෙකක් ම පාහේ රැකියා වෙළඳපොලේ විශාල ඉල්ලූමක් ඇති ගුණාත්මකභාවයෙන් උසස් ඒවා වන්නේය. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත පිරවීමේදී සම්ප්‍රÞයික නොවන මෙබඳු නව පාඨමාලා කෙරෙහි ද අවධානය යොමුකිරීම වැදගත් වන්නේය.

මේ අනුව බලනා විට උසස් පෙළ සමත් දරුවන්ට සරසවියට අයදුම් කරන්නට පෙරාතුව අවධානය යොමු කරන්නට සිතන්නට කරුණු බොහොමයක් ඇති බව පැහැදිලි වන්නේය. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත පිරවීම ඉතා ප්‍රවේශමෙන් කළයුතු කටයුත්තක් බව පැහැදිලි වන්නේය. රැකියා වෙළඳපොලේ ඉල්ලූමට වඩා තමන්ගේ කැමැත්ත හා හැකියාව වැදගත් බව පැහැදිලි වන්නේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *