සමෘද්ධියේ සල්ලිවලින් ඡන්ද ලේඛන අච්චු ගහලා – සංගමය විගණකාධිපතිට ලියයි.

පැවැත්වීමට නියමිත 2020 මහමැතිවරණයට අදාල ඡන්ද හිමි නාමලේඛණ මුද්‍රණය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් යොදවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.  දිවයිනෙහි සියලු දිස්ත්‍රික්කවලට අදාල ඡන්ද හිමි නාම ලේඛන 2019 වසරේදී මුද්‍රණය කර ඇත්තේ, සිය දෙපාර්තමේන්තුවේ මුදල් භාවිතා කොට බව ඔවුහු පවසති.

එලෙස මුද්‍රණය කරන ලද ඡන්ද හිමි නාමලේඛණ භාවිතා නොකරන මෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිටපතක් සහිතව සියළුම දිස්ත්‍රික් ලේකමිවරු වෙත
මැතිවරණ කොමිෂන් සභාව විසින්  නිකුත් කරන ලද 2020.04.18 දිනැති PE/2020/19 යන ලිපියද විගණකාධිපතිවරයාගේ අවධානයට යොමු කරන බව සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය දැනුම් දී තිබේ.
මේ වන විටත් දිස්ත්‍රික්ක 25 වෙතම බෙදා දී අවසන් කර ඇති මෙම සියලු ලේඛණ පුද්ගලික ආයතනයකින් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්  රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වැය කර ඇති නමුත්  විධිමත් ක්‍රියා පටිපාටියකින් තොරව එය සිදු කර ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *