සමාජ මාධ්‍ය අවභාවිතය නිසා තරුණයෙක් මරුට
තමන් පිළිබඳ ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යවල පළවීම නිසා කළකිරුණු යාපනයේ තරුණයෙක් ගෙල වැල ලා ගැනීමෙන් සිය දිවි අහිමි කරගෙන තිබේ. ඊයේ 19 යාපනය නාවක්කුලි පාලම අසළ ගසක එල්ලී දිවි තොර කරගෙන තිබූ හෙතෙම යාපනය චෙම්මනි ප්‍රදේශයේ පදිංචි රාජන් තිලීපන් ලෙස හඳුනාගත් බව චාවාකච්චේරි පොලීසිය පවසයි.
ඔහු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් ෆේස්බුක් ජාලයේ පළව තිබූ අතර ඉන් කළකිරුණු මෙම තරුණයා ව්‍යාජ ගිණුමක් සකසා ගෙන එම තොරතුරු කිහිප දෙනෙකුට තමන් විසින්ම යැවීමෙන් පසු දිවි තොර කරගෙන තිබේ. චාවාකච්චේරි ප්‍රදේශයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක සේවය කරන ඔහු සේවය නිමවා පැමිණෙමින් සිටියදී දිවි හානි කරගෙන ඇතැයි පැවසේ.