සමාජ මාධ්‍යයේ ඇත්ත හොයන හැටි; ඌව වැඩමුලුව

 සමාජ මාධ්‍යයේ ඇත්ත හොයන හැටි; ඌව වැඩමුලුව

නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අන්තර්ගතයන්හි කරුණු පිරික්සීම හා නිරවද්‍ය බව තහවුරු කිරීමේ ක්‍රමවේද හා උපායමාර්ග පිළිබඳ ඌව පළාතේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති දෙදින වැඩමුලුව අද අවසන් විය. බණ්ඩාරවෙල ඔරියන්ට් හෝට⁣ලයේදී පැවති ඒ සඳහා සුදුසුකම් ලද

ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් විස්සකට අධික පිරිසක් එක්ව සිටියහ. ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇතුළත් වූ වැඩමුලුව පිළිබඳව අදහස් දැක්වූ සහභාගිකයින් පැවසුවේ සමාජ මාධ්‍ය නිසා බරපතල අර්බුද ඇති වූ අත්දැකීම් පවතින සමයෙක මෙවැනි වැඩමුලුවකින් ලද දැනුම වඩා නිරවද්‍ය ප්‍රවෘත්තිකරණයකට ඉඩ සළසන බවයි. විශේෂයෙන් සමාජ මාධ්‍යවල පලවන තොරතුරු තහවුරු නොකර ඉවක් බවක් නොමැතිව සංසරණය වන අවස්ථාවල මේ දැනුම භාවිතා කරමින් සත්‍ය හෙළි කිරීමට මැදිහත් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. මෙම වැඩමුලුව සංවිධානය කළේ ඉන්ටර්නිවුස් ආයතනය සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඒකාබද්ධවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *