සමන්ට පාර්ලිමේන්තුවේ අසුනක්

 සමන්ට පාර්ලිමේන්තුවේ අසුනක්

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට නම් කරන බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. ඒ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහාය.

අද සවස කථානායක කාර්යාලය නිවේදනය කර තිබුණේ ආචාර්ය වික්‍රමරත්නගේ ඉල්ලා අස්වීම මැතිවරණ කොමිසමට දැන් වූ බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා නව පත් කිරීම මැතිවරණ කොමිසමට දන්වා යවනු ඇත.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෘත්තීය සටන්වල නිරත වූ සමන් රත්නප්‍රිය 2015 යහපාලන රජය බලයට පත් කිරීම සඳහා පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන හා එක්ව කැපී පෙනෙන ක්‍රියාකාරකම් රැසක නිරත වූ අතර පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනවීම සඳහාද කැප වී කටයුතු කරන අන්දම දක්නට ලැබුණි. පසුගිය සමයේ ඔහු රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සමීපව කටයුතු කළ අයෙකු ලෙසද ප්‍රකටය.

අද (22) ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම්වල සිවිල් සංවිධාන නියෝජිතයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සඳහන් අනාවැකිද පල වී තිබුණි.

කෙසේවෙතත් සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ලැබෙන්නේ තමන්ද සහය දී බලයට පැමිණ වූ ආණ්ඩුවක බලය ගිලිහිණු වාතාවරණයක මෙන්ම, යහපාලන ආණ්ඩුවේ කටයුතු පිළිබඳ තදබල විවේචනද ඇති සමයෙක මාස දෙකක් වැනි කාලයක් දක්වා පමණි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *