සමනලවැව පොලීසියෙන් ජනසහන

dav
කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් අසරණව සිටින අඩු ආදායම් ලාභී ජනයාට වියළි ආහාර සපයාදීමේ වැඩසටහනක් බලංගොඩ සමනලවැව පොලීසිය ආරම්භ කර තිබෙනවා. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ සඳහන් කළේ අවම වශයෙන් රුපියල් එක්දහස් තුන්සියයක් වටිනා මෙම වියළි ආහාර මල්ලට සහල් කිලෝ තුනක් සහ පොල් ඇතුළු දින කිහිපයකට සෑහෙන ආහාර වර්ග එකතු කර ඇති බවයි.
මේවනවිට ප්‍රදේශයේ අසරණව සිටින පවුල් තුන්සියයකට පමණ වියලි ආහාර ලබා දී තිබෙනවා. දානපතියන්ගේ සහ සුබ පතන්නන්ගේ ආධාර ඇතිව ඉදිරියේදී තවත් පවුල් රැසකට උපකාර කරන බවද පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ සඳහන් කළා. මේ සහන ආහාර මල්ල ලබාගත් ප්‍රදේශවාසීන් පැවසුවේ සමනලවැව පොලීසියේ ක්‍රියාකලාපය සැමට ආදර්ශයක් බවත් එහි නිලධාරීන් මහජනයාට මිත්‍රශීලීව සහ කාරුණිකව සළකන බවත් ය.