සබරගමුවේ වැසූ සමූපකාර විවෘත කිරීමට ආණ්ඩුකාරයා මැදිහත් වෙයි
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි දැනට වසා දමා ඇති සියලු සමූපකාර වෙළඳසැල් නැවත කඩිනමින් විවෘත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා වෛරස් මර්ධන දිස්ත්‍රික් කාර්ය සාධන බලකා කමිටුවට එක් වෙමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ කොවිඩ් 19 වසංගත තත්වය හා ගංවතුර නාය යෑම් වැනි ආපදා තත්ත්වවලදී සමූපකාර ව්‍යාපාරයේ අවශ්‍යතාවය සමස්ත සමාජයටම දැඩිව දැනෙන බවයි.
විවිධ ආර්ථික, සමාජීය, දේශපාලන හේතූන් නිසා සමූපකාර ව්‍යාපාරයේ යම් පසුබෑමක් පෙන්නුම් කළද එය සමස්ථ සමාජයෙන් වෙන් කිරීමට කිසිදු බලවේගයකට නොහැකි වී ඇතැයිද සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය. මේ වන විට ඉඹුල්පේ, කුරුවිට, කොලොන්න, බඹරබොටුව යන සමූපකාර බල ප්‍රදේශවල නව සමූපකාර වෙළඳසැල් 06ක් විවෘත කර පැවසූ ආණ්ඩුකාරවරයා ඉදිරියේදී සමූපකාර ව්‍යාපාරය සබරගමුව පළාත තුළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට පළාත් සභාව කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, අතිරේක දිස්ත්‍රික් ලේකම් උදය කුමාරි සහ සබරගමුව පළාත් සමූපකාර කොමසාරිස් මයුර ප්‍රසාද් අරන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීහූ පිරිසක් එක්ව සිටියහ.