සබරගමුවේ යහපාලන ශේෂ පත්‍රය, හිතවතුන්ට වෙනම හැන්දක්.

සබරගමුව විශ්ව විද්‍යාලයීය “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා හා සාධාරණත්ව” මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධූරය ස්ථීර නොකළ (unconfirmed) කථිකාචාර්ය වරයෙකුට පිරි නැමීමට තීරණය කර ඇතැයි ejournalist වෙත වාර්තා වේ. සම්ප්‍රදායක් ලෙස මෙම තනතුරට පත් කිරීම සඳහා සුදුසුකම් ඇති කථිකාචාර්යවරුන් තෝරා ගනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍ය පීඨයෙනි. පසුගියදා පුරප්පාඩු වූ එම තනතුරට පත් කිරීමට සුදුසු ජ්‍යෙෂ්ඨ හා ස්ථීර කථිකාචාර්යවරුන් දේශපාලන අධ්‍යනාංශයේ හා සමාජ විද්‍ය අධ්‍යනාංශයේ සිටියදී මෙම තනතුරට තෝරා ගෙන ඇති උපුල් ප්‍රියංකර ලේකම්ගේ නමැති ස්ථීර නොකළ කථිකාචාර්යවරයා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ හිතවතෙකු බව විශ්ව විද්‍යාල ප්‍රජාව පවසති.
මෙම කථිකාචාර්යවරයාද සම්බන්ධ පත්වීමකට අදාල කරුණක් පිළිබඳව විශ්ව විද්‍යාල අභියාචනා මණ්ඩලය දුන් තීන්දුවකින් ප්‍රකාශ කර ඇත්තේ ඔහු තාවකාලික (temporary) කථිකාචාර්ය ධූරයකට නිර්දේශ කරන බවයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය සුනිල් ශාන්ත වන අතර පසුගිය රජය සමයේ කලක් රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ලද්දේද ඔහු විසිනි.
සමිත කහංගල ආරච්චි