සබරගමුවේ පාසල් පවිත්‍ර කරන සැමට ටිකිරි කොබ්බෑකඩුවගේ උපදෙසින් මී උණ පෙති.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි සියලු පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීමට පෙර ඒ සඳහා මැදිහත් වන අය වෙනුවෙන් මී උණ රෝගය සඳහා භාවිත කරන පෙති ලබා දීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසු ගිය දා (06) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එදින (06) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවට එක්වෙමිනි.
එම රෝගය සඳහා අවශ්‍ය ඖෂධ පුද්ගලික අංශයෙන් ද මිලට ගන්නා ලෙස සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
සබරගමු පළාත තුළ පාසල් නැවත ආරම්භ කිරීම සඳහා නියමිත දිනයක් මෙතෙක් යොදා නොමැති බව ඒ මහතා පැවසීය.