සන්ථව කාව්‍ය විචාර සම්මාන 2020

ශ‍්‍රී ලාංකේය නූතන ම කාව්‍ය ව්‍යාපාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප‍්‍රකාශන ආයතනය වාර්ෂික ව පවත්වන ‘සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය 2020’ මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. මේ අනුව 2020 කාව්‍ය විචාර සම්මානයට අදාලව විචාරයට ලක් කළ යුත්තේ පෙර වර්ෂයේ, එනම් 2019 වර්ෂයේ ප‍්‍රකාශයට පත් වූ කාව්‍ය කෘතින් ය. මේ සඳහා විවෘතව පාසල් මට්මමෙන්, විශ්ව විද්‍යාල මට්ටමෙන් හෝ බාහිර  ඕනෑම අයෙකුට විචාර ඉදිරිපත් කළ හැක. එක් විචාරයක් සඳහා 2019 වර්ෂයේ ප‍්‍රකාශිත එක් කවි පොතක් තෝරා ගෙන ඒ ඔස්සේ   ඕනෑම විචාර පදනමකට අනුව විචාර ඉදිරිපත් කළ හැකි අතර, පොයින්ට් 12  fm අභය ප‍්‍රමාණයෙන් යතුරු ලියනය කරන ලද තනි පැත්ත පිටු දහයකට නොවැඩි වන සේ විචාර ඉදිරිපත් කළ යුතුය. එක් විචාරයකින් පිටපත් 03 ක් එවිය යුතු අතර විචාරයේ මාතෘකාව තමා විසින් යෙදිය යුතුය. විචාරයේ ඔබගේ නාමය සඳහන් නොකළ යුතුය.

ඔබගේ පෞද්ගලික විස්තර සහ විචාරයේ මාතෘකාව සඳහන් වෙනම අයදුම් පත‍්‍රයක් විචාරය සමඟ ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි. හොඳම විචාරය සඳහා ”සන්ථව කාව්‍ය විචාර සම්මානය ̃ පිරිනැමෙන අතර ප‍්‍රශස්ත මට්ටමේ විචාර දහයක් උදෙසා වටිනා සහතික සහ තිළිණ පිරිනැමෙයි. එම ජයග‍්‍රාහී විචාර සහ 2019 වර්ෂයේ ප‍්‍රකාශිත නූතන ම සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විචාර නිබන්ධනය කෘතියක් ලෙස ජනගත කිරීමද සම්මාන උත්සවය අවස්ථාවේ සිදුවෙයි. එම කටයුක්ත මෙම වර්ෂයේ සිදු කරනු ලබන්නේ කලා විචාරක සිසිර කුමාර මහගම මහතා විසිනි. සම්මාන ප‍්‍රදානොත්සවය අගෝස්තු මස අගදී කොළඹ දී පැවැත්වීමට නියමිතය.

සියළුම විචාර 2020 ජුනි මස 30 වනදාට ප‍්‍රථම එවිය යුතු අතර වැඩි විස්තර, 076 2059581 අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

විචාර ඉදිරිපත් කළ යුතු ලිපිනය :- සම්බන්ධීකාර, සන්ථව කාව්‍ය විචාර සම්මාන 2020, 68 / 116, ඉසුරු මාවත, ගම්පහ පාර, යක්කල.

සංස්කාරක

Related post

4 Comments

  • සන්ථව කාව්‍ය විචාර සම්මාන – 2020

    2019 වසරේ පළ වූ කාව්‍ය කෘති නාමලේඛණයක් සපයා ගත හැකි ද?

    • දාන්න උත්සාහ ගන්නම්

  • Like!! Really appreciate you sharing this blog post.Really thank you! Keep writing.

    • Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *