සජිත් අන්තිම මොහොතේ ඡන්දපොළට එයි

2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට දී තිබූ කාලය නිමාවීමට පෙර අද (05) පස්වරු 04.45 ට පමණ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය දීඹට පැමිණියේ ය. ඔහු සිය ජන්දය  ප්‍රකාශ කිරිම සිදු කළේ වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදිය.

ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා සමග ජලනි ප්‍රේමදාස මහත්මියද පැමිණියේය. ප්‍රේමදාස යුවල තවමත් ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචි ව සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ය.  අද උදෑසන සිට සජිත් ප්‍රේමදාස මහතා ජන්දය ප්‍රකාශයට පත් කිරිමට පැමිණෙන තෙක් මාධ්‍යවේදීන්  සුරනිමල විද්‍යාලය අසල රැදී සිටියද ඔහු සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා ජන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ අවසන් මිනිත්තු කිහිපය තුළය. ඒ වනවිට.ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *