සක්වල අබිරහස, පියාඹන පීරිසි.

 සක්වල අබිරහස, පියාඹන පීරිසි.

UFO එහෙම නැතිනම් Unidentified Flying Objects එහෙමත් නැත්නම් පියාඹන පීරිසි පිළිබඳ  ආන්දෝලනය සමාජය තුළ කලින් කල ඇති වන්නක්. මෙය ආරම්භ වූයේ කොහෙන්ද? කොතනින්ද? එය ඒ පිළිබඳ කොපමණ උනන්දුවක් දැක්වුවත් බොහෝ දෙනා නොදන්න කරුණක්.
වර්ෂ 1947 ජුනි 24 වෙනිදා කෙනත් අර්නෝල්ඩ් නම් ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයා තම පෞද්ගලික ගුවන් යානයෙන් යකිමා වලට යමින් සිටියේ ඇ.එ ජනපදයේ උස්ම කදු ශිඛරය වන රේනන් කදුවැටිය අසලින්. වර්තමාන පියාඹන පීරිසි ගැන ආන්දෝලනය ආරම්භ වූවේ  අර්නෝල්ඩ් එදා දුටු ඒ දර්ශනයෙන්.

“හිමෙන් වැහුණු කදු වැටිය පසු බිමේ ශිඛරය වෙත ගමන් කළ Dc-4 වර්ගයේ යානා තරම් විශාල ඒ යානා ඉතා පැහැදිලිව මම දුටුවා.ඒවා මා දකින විට එකිනෙකා පිටුපස පේළියට ගිණිකොණ දෙසට ගමන් කරන තාරාවුන් රෑනක් මෙන් මගේ යානයට 30km පමණ දුරින් ගමන් කළා.සාමාන්‍ය ජෙට් යානයකින් නිකුත් වන ශූන්‍යාකාර වායුවක් වැනි වායුවක් ඒවා පිටුපසින් නිකුත් උනේ නෑ. පීරිසි ස්වරූපය ගත් ඒ යානා හිරු එළිය වැටී කැඩපත් මෙන් දිලිසුනා.ඒවා පැයට කිලෝමීටර් දෙතුන් දහසක පමණ වේගෙකින් ගමන් කලේ හරියට ජලය මත ගැසූ පීරිසියක් ලිස්සා යනවා වගේ.”
ඔහු දුටු ඒ ආශ්චර්යජනක දර්ශනය බොහෝ පුවත්පත් හාස්‍යයට ලක් කළද ඒ සමඟම එවැනි දර්ශන විවිධ ප්‍රදේශවලින් වාර්ථා වීමත් සමඟම ඔහියෝ විශ්වවිද්‍යාලයීය තාරකා භෞතික විද්‍ය මහාචාර්‍ය ජේ.ඇලන් හයිනෙක් උපදේශක ලෙස යොදාගෙන ගුවන් හමුදාව ‘පීරිසි ව්‍යාපෘතිය’ආරම්භ කරනුයේ මේ  පිළිබඳ සියල්ලන් තුළම වූ  කුකුස සංසිඳවීමේ අරමුණෙන්.

පීරිසි යන යෙදුම සදහා කෙනන්ට කීර්තියක් ලැබුනද, අහසේ දුටු වස්තුවකට ‘පීරිසි’ යන්න භාවිත කළ එකම පුද්ගලයා ඔහු නොවීය. 1878 තරම් ඈත අතීතයේදී ටෙක්සාස් ජනපදයේ එක්තරා ගොවියෙකුට තමා අහසේ දුටු කිසියම් වස්තුවක් ‘යෝධ පීරිසියකට’ සමාන කොට තිබුනි.

අහසේ පෙනෙන්නට වූ මෙම වස්තූන් පීරිසි ස්වරූපයෙනි පමණක් නොව සිලින්ඩරාකාර, ගෝලාකාර, භූමරංගාකාර ආදී විවිධ වූ හැඩ වලින් පෙනෙන්නට වූයෙන් එසේ පෙනෙන සියලු වස්තු වලට ‘පියාඹන පීරිසි’ යන යෙදුම නුසුදුසු බව පෙනී ගියේය. එසේ පෙනෙන වස්තු සියල්ලම පොදුවේ හැඳින්වීමට ‘නොහඳුනාගත් පියාසර වස්තු ‘ යන අරුතින් UFOS (යූෆෝස්)නම් කෙටි යෙදුම යොදා ගත්තේය.

මෙසේ සිදුකරගෙන ගිය පරීක්ෂණ  අතරතුරදී අර්නෝල්ඩ් දුටු දර්ශන කිසිසේත්ම තාරකා විද්‍යාත්මක දර්ශනයක් නොවන බවට නිගමනය කල හයිනෙක් ඒවා කිසියම් පොළෝමය යානා විශේෂයක් බව නිගමනය කලේය.

නමුත් තාරකා විද්‍යා මහාචාර්‍ය මෙන්සල් වරක් අර්නෝල්ඩ් දුටු යානා වැනි විශේෂයක් දුටු අතර ඒ සමගම තවත් යානා 4ක් ඔහුගේ යානය පසු කර වැහි බිදු තරමට කුඩා වී යනු ඔහු දුටුවේය.

තවත් විමසිල්ලෙන් බලද්දී ඔහුට පැහැදිලි වූයේ  ඈත ක්ෂිතිජය දෙස බලා හිඳිද්දී වක්‍රාකාරව වීදුරු කවුළුව මත පහලට රූරා ආ වැහි බිඳු ඔහු එසේ දුටු බවයි.

ඉහළ වායු ගෝලයේ වැසි ඇති නොවුණද, අපවර්තන උෂ්ණත්වය (inversion temperature) විසින් ඇති කරන උණුසුම් වායු තීරු මගින් හෝ සූර්ය තාපයෙන් රත් වූ යානයේ ගැටී මිදුණු අයිස් දිය වීමෙන් හෝ ජල බිංදු ඇති විය හැක. අර්නෝල්ඩ් යානා ලෙස දුටුවේ මේවා විය හැකි බවට ආචාර්ය මෙන්සල් නිගමනය කළේය.

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සහ වායුගෝලීය විවිධ ස්වභාවයන් නිසා ඇති වන ආශ්චර්යයන් මෙන්සල් වැනි සුවිශේෂී පුද්ගලයන් හැර සාමාන්‍ය පුද්ගලයන් දුටු විට තේරුම් ගැනීමට ඔවුන්ට අපහසු වේ. අර්නෝල්ඩ්ටද සිදු වූයේ එයම විය නොහැකිද?

නමුත් මේ සියල්ල ඔවුන්ගේ නිගමන මිස විද්‍යාත්මක ක්‍රමයට අනුව කල්පිත පරීක්ෂාවක් මගින් එලඹුනු නිගමන නොවන බව ඔබට පෙනෙනු නොඅනුමානයි.

කෙසේ වුවද වර්ථමානයේ සිදු වන අසාමාන්‍ය පිටසක්වල ක්‍රියා නිකම්ම නිකම් දෘෂ්ටි මායාවන් හෝ මනඃකල්පිතයන් පමණක්ම විය හැකිද?

එමෙන්ම මේ විශ්වයෙහි සිදු වන සියලූම සිදු වීම් සැම විටම විද්‍යාවෙන් ඔප්පු කළ හැකිද?

සොයන්නාට හම්බ වේ නම් අප කළ යුත්තේ දිගටම සෙවීම මිස විද්‍යාවට සියල්ල භාර දී පස්ස ගැසීම නොවේ.

ඉතින්..දිගටම හොයන්න..ලෝක බලවතුන් පවා ලොවට වසන් කළ සම්බන්ධතා පවා යම් දිනෙක ලොව හමුවේ නිරුවත් වනු නොඅනුමානයි.

එදිනට මෙලෙස මනඃකල්පිත යැයි පැවසූ යූෆෝස් ද සත්‍යයක් වන බව නොඅනුමානයි.

ගොයුමිකා සංදීපනී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *