සංහිදියාවේ මුරකරුවන් තනන ඒලුතානි කලා භවන

 සංහිදියාවේ මුරකරුවන් තනන ඒලුතානි කලා භවන

සුභාෂිණී කුමාරි දිසානායක

ධවල වර්ණයෙන් දිදුලන යාපනය මහජන පුස්තකාලය මෙරට බොහෝ වියතුන් හා උගතුන් බිහිකල සොඳුරු නවාතැනක් විය. ගෝත්‍රිකත්වය මිලින කොට සබුද්ධිකත්වයට දායකත්වය සැපයු පොත් 97,000 කින් සැදි මෙරට දැවැන්තම පොත්ගුල වුයේ ද ඒයයි. ඒ් 1981 මැයි 31 වැනිදා රාත්‍රියයි. ඒවකට ආණ්ඩුවේ අනුග්‍රහය ලත් ගෝත්‍රික මැරයන් විසින් ඒ් මහා දැනුම් ගබඩාව ගිනි තබා වැනසුහ. ඒය අප සැමගේ හදවත පෑරූ සිදුවීමකි. මිනිසා බුද්ධිමත් සත්වයෙකු වුවද වරෙක මිලේච්ඡයකු වන්නේ ද ගෝත්‍රිකයකු වන්නේ ද ඒ් සත්වයාම වීම කණගාටුවට කරුණක් වන්නේ මේ නිසාවෙනි.
ඒ් මහා ඛේදවාචකයෙන් අනතුරුව 1983 ජුලි 23 වැනිදා යාපනය අර්ධද්වීපය තුල ඇරඹි සංහාරය ඒතෙක් ලාංකිකයන් ලෙස සහෝදරත්වයෙන් කටයුතු කල අපව සිංහල, දෙමළ ලෙසත් උතුර, දකුණ ලෙසත් බෙදා වෙන් කලෝය. ඒහි ප්‍රතිඵලය වුයේ දශක ගණනාවක් පුරාවට ඇදී ගිය වර්ගවාදි සිවිල් යුද්ධයයි. යුද්දය අවසන් වුවද කිසිවකුත් ඉන් ලැබු ජයක් නොමැති බව කිව හැකිය. ඒ් වෛරය හා සැකය අප ඒකිනෙකා අතර පමණක් නොව ලාංකීය පොළව මත ද විශාල රුක් පෙළක් සේ වැඩීමයි.

අවස්ථාවාදි ජඩ දේශපාලකයන් ‌ගේ උවමනාවන් වෙනුවෙන් ඇරඹි ඛේදජනක යුද්දයක පැටලී ගැහැට විඳි ලාංකික ජනයා ඉන් පාඩමක් උගත් බවක් දක්නට නැත. ඒසේ වුවානම් දෙපාර්ශවයේම සිත් පාරන ආකාරයේ සිදුවීම් තවදුරටත් මේ බිම මත වාර්තා නොවිය යුතුය. නමුත් මේ වනවිට මුලතිව් දෙසින් ද යාපනයෙන් ද ත්‍රිකුණාමලයෙන් ද වාර්තාවන පුවත් සුබදායක ඒ්වා නොවීම කණගාටුවට කරුණකි. ඒ් ජාතිවාදයේ ගිනි පුපුරු ඒ් තුල දක්නට ඇති හෙයිනි.
ජන කොටස් අතර බිඳුණු සිත් සුවපත් කරනවා වෙනුවට සිය පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් යලි යලිත් ඒ් සිත් පෑරිමට ආගම වැනි සංවේදී කාරණා යොදා ගැනීම තුල පෙනී යන්නේ 80 දශකයේ මෙන් කිසියම් ජඩ දේශපාලන උවමනාවක් සපුරා ගැනීම සඳහා ජාතිවාදය වැපිරීමක් ලෙසිනි. මෙවන් තත්වයන් තුල සැබෑ සංහිඳියාව ඇති කල හැකිද යන බරපතල පැණයට පිළිතුරු සොයන “ඒලුතානි කලා භවන” නැගෙනහිර පළාතේ පුවත්පත් වාර්තාකරුවන් හා නිදහස් වාර්තාකරුවන් සංහිදියාවේ මුරකරුවන් ලෙස යෙදවීමට පියවර ගෙන තිබීම පැසසිය යුතු ධනාත්මක තත්වයකි.
ජාතික සංහිඳියාව හුදු නාම මාත්‍රික වචනයකට පමණක් සීමාවී ඇති සමයෙක ඒය ලාංකීය පොළව මත යාථාර්තයක් බවට පත් කෙරුමට ඒලුතානි කලාභවන මහත් පරිශ්‍රමයක් දරමින් සිටි.

ඒලුතානි සභාපති වඩමලෙයි රාජ්කුමාර්

ශ්‍රී ලාංකීය අනන්‍යතාව ශක්තිමත් කරමින් විවිධත්වය හා සංස්කෘතික බහුවිධතාව පිළිගනිමින් භාෂාව හා සංස්කෘතික උරුමයට ඇති අයිතියට ගරු කරමින් මෙරට තුල සංහිඳියාව වඩ වඩා බලවත් කෙරුමට නම් සිංහල හා දෙමළ ජන වර්ග වලට අයත් සමාජ මාධ්‍ය ජාලා තුල අකුරු කොටන්නන් මෙන්ම ආචාර ධාර්මික නොවන පුවත් වාර්තාකරුවන් ද ඒක මිටකට ගොණුකර භාෂාව නිසා ඔවුන් තුල ඇතිව පවතින සැකය නැති කිරීම වඩා සුදුසුම හා ඵලදායි පියවර බව ඒහි සභාපති වඩමලෙයි රාජ්කුමාර් ගේ අදහස වී තිබේ.

අනෙකාගේ සංස්කෘතිය හැඳින ගැනීමට අවස්ථාව නොලැබීමත් භාෂාව නොදැනීම තුල ඒකිනෙකා කෙරෙහි පවතින සැකයත් දෙමළ, සිංහල ගැටුම් වල මුලික වස්තු බීජය බවට පත්ව තිබේ. ඒකිනෙකා අතර වඩා හොඳ අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවන්නේ නම් අනෙකාගේ සංස්කෘතිකයට ගරු කිරීමට හැකිවන්නේ නම් තවදුරටත් මේ බිම තුල ගැටුම් ඇතිවීම සිදුනොවනු ඇත.

ඒ් සඳහා සිංහල දෙමළ හා මුස්ලිම් ජන වර්ග වලට අයත් ශක්‍රීය ලියන්නන් හට පළමුව භාෂා ඉගැන්වුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කල යුතුව තිබේ. ඔවුන්ගේ ලිපි හා ප්‍රකාශණ වල හරයන් හා අන්තර්ගතයන් නිවරදිව අවබෝධකර නොගැනීම වාර්ගික ගැටුම් ඇතිවීමට බලපෑම ඊට හේතුවයි. ඒය වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශක්‍රීය ලියන්නන් සහ වාර්තාකරුවන් පුහුණු කිරීමේ කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඒලුතානි කලා භවන විසින් අරඹා ඇත. ඒ් අනුව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සහය ද ඔවුන්ට ලැබී ඇත. මේ වනවිට භාෂාව පුහුණු වන සිංහල, දෙමළ තරුණ තරුණියන් ගණන 50 කි. සතියකට දිනක් බැගින් පැය 150 ක් තුල දෙපිරිසටම භාෂාව හා සංස්කෘතික හර පද්ධතීන් ඉගැන්වීම සඳහා විවිධ වැඩසටහන් නිර්මාණය කිරීම ඒලුතානි කණ්ඩායමට ඇති අභියෝගයයි. ඔවුන් ඒ් සඳහා විවිධ උපාය උපක්‍රම යොදා ගනී.

භාෂා පුහුණුවේ නිරත වන දෙමළ සහෘදයකුගේ නිවසෙහි සිංහල සහෘදයා වරු දෙකක් නැවති ඔහුගේ ආගමික සිද්ධස්ථානයට ගමන් කිරීම, ආහාර පිළියෙල කිරීම, තිළිණ හුවමාරු කර ගැනීම, ඔහුගේ පවුලේ අයවලුන් සමග ආහාර ගැනීම හා ඔහුගේ නෑයන් හඳුනා ගැනීම වැනි ක්‍රියාවන් සිදුකිරීම මෙන්ම සිංහල සහෘදයාගේ නිවසෙහි දෙමළ සහෘදයා වරු දෙකක් නැවතී පෙර කී ආකාරයේ කටයුතු වල නියැලීම තුල ඒකිනෙකා කෙරහි ඇතිවන අවබෝධය, සුහදත්වය හා බැඳීම සංස්කෘතික ලක්ෂණ ගති පැවතුම් හඳුනාගැනීම හා ඒ්වාට ගරු කිරීමට පුරුදු විම දෙමළ හා සිංහල පුහුණුවන්නන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වීමේ අපුරු වැඩසටහනක් ලෙස හැදින්විය හැකිය.

ඒමෙන්ම බොහෝ කාලයක් දෙපසට ව සිටි ජනකොටස් සමීප කිරීමේ වැඩසටහනක් නිර්මාණය කොට උතුර දකුණ යා කෙරෙන සංහිදියාවේ පාලමක් ලෙස ඒලුතානි කලා භවන හරහා පුහුණු වන ත්‍රිකුණාමලයේ වාර්තාකරුවන් නුවර ප්‍රදේශයේ ඒ අයුරින් භාෂාව පුහුණු වන වාර්තාකරුවන් හා ඒ්කාබද්ධ කොට සංවාද ඇති කිරීම. හඳුනාගැනීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි කාර්යයන් සඳහා යොමු කරවීමෙන් ඇතිවු මිත්‍රත්වය හා සුහදත්වය ලාංකීය මහ පොළව තුල වෛරයේ හා සැකයේ ගිනි දැල් අවුලන ජඩ දේශපාලනය පැරදවිය හැකි මුරකරුවන් නිර්මාණය කරනු ඇත. තවදුරටත් ඔවුන් ජාතිවාදයට වැට බදින දෙමළ හෝ සිංහල මුරකරුවන් නොවනු ඇත. ඒ් සැම මනුෂ්‍යත්වයට පෙම් බදින ශ්‍රී ලාංකීය මිනිසුන් වනු ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *