සංචරණ සිමා පනවා තිබියදි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පොදු සුසාන භුමියක් ඩොසර් කර සමතලා කරයි,

පොදු සුසාන භුමියේ වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බව විපක්ෂය සහ ප්‍රදේශවාසින් චෝදනා කරයි.

අඹගමුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි වසර 100 කට වඩා පැරණි ප්‍රදේශවාසින් විසින් භාවිතයට ගැණුනු පොදු සුසාන භුමියේ කොටසක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් පනවා ඇති සංචරණ සිමා කාලය තුල ඩොසර් කර සමතලා කර එම භුමියේ වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමේ සැලසුමක් දියත් කර ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා චෝදනා කරයි.
හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයට යාබදව ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භුමිය අක්කර දෙකක පමණ වපසරියකින් යුක්ත බවත්, මෙය 1946 පොදු සුසාන භුමි පනතට යටත්ව අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් මෙම සුසාන භුමිය පාලනය වන පොදු සුසාන භුමියක් බවයි මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටින්නේ.

ගිනිගත්හේන කළුගල, පිටවල, මිල්ලගහමුල, රම්පාදෙණිය, බුලත්ගම යන ග්‍රාමසේවා වසම් වල ප්‍රදේශවාසින් විසින් කාලයක් තිස්සේ පොදු සුසාන භුමියක් ලෙස මෙම ස්ථානය භාවිතයට ගැණුනු බවත්,එම සුසාන භුමියේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කොටස දැනට ඩොසර් කර සොහොන් සමතලා කර ඇති බවත්, සුසාන භුමිය මාර්ගයට යාබදව පිහිට කොටස ස්භාවික තැනිතලා භුමියක පිහිටා තිබු එකක් බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ. පවත්නා තත්ත්වය මත එම පොදු සුසාන භුමියේ ඉතිරිව ඇති ඉඩම් කොටසේ සිරුරු මිහිදන් කටයුතු සිදු කිරිමට අපහසුතාවයක් ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් එම පොදු සුසාන භුමිය මිහිදන් උද්‍යානයක් ලෙස ප්‍රියමනාප ආකාරයට ප්‍රතිසංස්කරණය කරන ලෙසට පමණක් සභාවේ මන්ත්‍රිවරුන් අනුමැතිය ලබාදුන් බව මංජුල සුරවිර ආරච්චි මන්ත්‍රිවරයා කියා සිටියි. එම පොදු සුසාන භුමියේ දැනට ඩොසර් කර සමතලා කර ඇති කොටසේ මින් ඉදිරියට කිසිදු දේහයක් මිහිදන් කිරිමට අවසර නොලැබෙන බවත්, පොදු සුසාන භුමියට අයත් ඉතිරි ඉඩම් කොටසේ මිය යන අයගේ දේහයන්වල අවසන් කටයුතු සිදු කරන ලෙසට සභාපතිවරයා විසින් උපදෙස් ලබා දි ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
නගන චෝදනා සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන එම පොදු සුසාන භුමියේ ප්‍රධාන මාර්ගය මායිම්ව පිහිටි කොටසේ ඇතැම් පිරිස් විසින් වෙනත් කටයුතු සදහා අවසරයකින් තොරව භාවිතා කල බවත්, ඉන් අනතුරුව පොදු සුසාන භුමිය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂිත වැටක් ගසා මායිම් වෙන් කල බවයි. එම පොදු සුසාන භුමියේ ඩොසර් කර ප්‍රතිසංස්කරණය කල කොටස ප්‍රාදේශිය සභාවට අදායම් මාර්ගයක් ලැබෙන සේ ප්‍රදේශයේ ස්වයං රැකියා කරන අය සදහා වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.