සංගීතේ රසේ දැනේ තනිවූ දා මා, ලෙඩේ නසා නැගිටිමු සැවොමා

බලංගොඩ රෝහලේ සේවයේ නියුතු සියලුම කාර්ය මණ්ඩලවලට අයත් පිරිසගේ කාන්සිය නිවීම සඳහා සහ ඔවුන් දිරි ගැන්වීම උදෙසා සංවිධානය කළ විචිත්‍ර සංගීත වැඩසටහනක් අද පැවැත්වුණා. රෝහල් අධිකාරිතුමියගේද දායකත්වය ඇතිව සංවිධානය කළ මේ ප්‍රසංගයේදී වෙද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය මෙන්ම පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිසද, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද ගී ගයන්නට සහ නව නළු රස මවන්නට ඉදිරිපත් වුණා. වැඩසටහන සංවිධානය කළේ බලංගොඩ සමාජ සංවර්ධන පදනමයි.
සම්පත් ප්‍රියනන්දන