සංක්‍රමණික කම්කරුවන් ඉන්දුනීසියාවට එන්නට නීතිවිරෝධී මාර්ග සොයයි

මැලේසියාවෙන් ආපසු පැමිණෙන ඉන්දුනීසියානු සංක්‍රමණික කම්කරුවන් දුසිම් ගණනක් නීතිවිරෝධී මාර්ග ඔස්සේ අතීත දේශසීමා මඟහැර ගමන් කිරීමට උත්සාහ කරමින් සිටිතියි වාර්තා වේ.
මැලේසියාවේ සිට නීතිවිරෝධී මාර්ග ඔස්සේ ගමනේ යෙදුණු ඉන්දුනීසියානු සංක්‍රමණික කම්කරුවන් 22 දෙනෙකු රැගත් ලියාපදිංචි නොවූ ධීවර යාත්‍රාවක් උතුරු සුමත්‍රා හි අසාහාන් රීජන්සි හි තන්ජුන්ග් තුම්පුල් හි දී ඉන්දුනීසියානු නාවික හමුදාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ බව හෙළි ව ඇත.
සංක්‍රමණිකයින් ඉන්දුනීසියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම නිසා කොරෝනා වයිරස් රෝගය පැතිරීම සිදු වනු ඇතැයි යන බිය නිසා දෙරටේ ම ආරක්ෂක බලධාරීන් දේශසීමා පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව බෙලවාන් අයි නාවික හමුදා අණදෙන නිලධාරී අද්මූල් අබ්දුල් රසයිඩ් පැවසීය.
ඉන්දුනීසියා නාවික හමුදාව දිගින් දිගටම මුහුදේ මුර සංචාරයේ යෙදෙන අතර සංක්‍රමණිකයින් නීතිවිරෝධී පිවිසුම් ස්ථාන ලෙස භාවිතා කර ඇති මුහුදු මාර්ග ගණනාවක් ද සොයා ගත් බව ඔහු සඳහන් කළේය.
“මැලේසියාවේ සිට ඉන්දුනීසියාවට නීතිවිරෝධී පිවිසුම් ස්ථාන හරහා ආපසු පැමිණි සංක්‍රමණික කම්කරුවන් අප රඳවාගෙන සිටින පළමු අවස්ථාව මෙයයි. COVID-19 වසංගතය මධ්‍යයේ ඒ් පිළිබඳ අප විශාල අවධානයක් යොමු කර තිබෙනවා ”අණදෙන නිලධාරී අද්මූල් අබ්දුල් රසයිඩ් පැවසීය.