ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල දෙවසරක් තිස්සේ රැඳවුම් බාරයේ

මධ්‍යම ක්වීන්ස්ලන්තයේ නගරයක් වන බිලෝලා හි පිහිටි නිවසින් රැගෙන ගොස් වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත් හතර දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුලක් ඕස්ට්‍රේලියානු රජය තවමත් ක්‍රිස්මස් දූපතේ රඳවා සිටිතියි වාර්තා වෙයි.
සරණාගත විරෝධී “දේශසීමා ආරක්ෂණ” ප්‍රතිපත්තියක් වන ඕස්ට්‍රේලියාවේ ලිබරල්-ජාතික සන්ධාන රජය උත්සාහ කරන්නේ මෙම පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට සහ උසාවියේදී ඔවුන්ගේ අභියාචනා අවලංගු කිරීමට ය. පසුගිය මාසයේ මෙල්බර්න් හි පැවති ෆෙඩරල් උසාවියේ නවතම නඩු විභාගය අවසන් වූ පසු, ඔවුන්ට නැවත ක්වීන්ස්ලන්ත නිවසට යාමට අවසර ලැබේදැයි දැන ගැනීමට මාස ගණනක් බලා සිටීමට සිදු ව ඇත.

සරණාගතභාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළට එරට දී දරුවන් දෙදෙනෙකු උපත ලබා ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට සිව් හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවන්නන් බව සදහන් ය.
ඔවුන්ට සරණාගත භාවය ලබාදීම එරට රජය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පසුගියදා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි. එම තිරණය අධිකරණය මගින් අත්හිටුවීමත් සමඟ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල සහ දරුවන් දෙදෙනා රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණු අතර ඔවුන් මේ වන විට ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය