ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන ධජ පූජාව

නිමල් කොළඹිස්ස – මහනුවර

ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික ධජ පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (28) පෙරවරුවේ සිදුකෙරිණි.

යුද හමුදාවේ 73 වන දිනය නිමිත්තෙන් යුද හමුදාවේ සේනාංක, රෙජිමේන්තු,බලසේනාවල සියලු ධජ, දන්ත ධාතූන් වහන්සේ හමුවේ ආශිර්වාද ගැන්වීම මේ යටතේ සිදුවිය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුදා ධජ පෙරටුව පැවැති ආචාර පෙළපාලිය මහ මළුවේ සිට දළදා මාලිගාව වෙත ප්‍රවේශ විය. 

ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ හමුවේ ධජ පූජාව සිදුවිය.

මෙම ධජ පූජාව සිදුවූයේ ඔක්තෝබර් මස 10 වන දිනය යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සරයට සමගාමීවය.

යුද හමුදාවේ සියලු සේනාංකවල ඉහළ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *