වෙනස් ආදරයක් විඳගන්න ඇරයුම්!!!

 වෙනස් ආදරයක් විඳගන්න ඇරයුම්!!!

මේනක මදුජිත් ලියූ ‘වෙනස් වෙන්න හිතෙන කතා’-දන මන අභිප්‍රේරණ කෘතිය ජනගත කිරීම 2020 පෙබරවාරි 14 දින සවස 4.00ට කොළඹ 01 ලංකා බැංකු මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන්නට නියමිතයි.

එදිනට වෙනස් වෙන්න හිතෙන කතා කියන්නේ, ප්‍රවීණ ලේඛක දීලීප ජයකොඩි, ජනප්‍රිය ගායක ළහිරු පෙරේරා, විශේශඳ වෛද්‍ය දුමින්ද සමරසිංහ, ජේෂ්ඨ පත්‍රකලාවේදී ජයසිරි ජයසේකර විසින්.වැඩසටහන මෙහෙයවීම
ප්‍රවීණ සම්ප්‍රවේශක ඉන්ද්‍රසිරි සුරවීර.

මේනක මදුජිත් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී(BSc.) උපාධිධාරියෙක් මෙන්ම, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ(NIBM), මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ, ආශ්‍රිත සාමාජිකත්වයෙන්(AIB) පිදුම් ලත් හෙතෙම එම ආයතනයේම ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. මෑත කාලයේ ජාතික පුවත්පත් කිහිපයක් සඳහා ලිපි රචනා කරමින් සිටින ඔහු අතින් ලියවෙන දන මන අභිප්‍රේරණ ලිපි, පාඨක අවධානයට නොමදව පාත්‍ර වෙයි.

‘වෙනස් වෙන්න හිතෙන කතා’ නිකුත්වන මොහොත ශ්‍රී ලංකාවේ පොතක් එළිදක්වන අවස්ථාවක පළමුවරට සිදුවන සහයෝගිතාවක් ලෙසින්,පුංචි හදවත් සුවපත් කරන්නට කැපවෙන ලිට්ල් හාර්ට්ස්(Little Hearts) අරමුදල වෙත කතෘභාගයට සමාන මුදලක් පරිත්‍යාග කරනවා.ජීවිතයේ වෙනස් අරමුණක් වෙනුවෙන් ආයෝජනය කරන මුදලින් තවත් සමාජ සත්කාරයක කොටස්කරුවෙක් වෙන්නත් එමඟින් ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

ඉදිරියේ ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ප්‍රමුඛ පොත් අලෙවිසැල් සහ අන්තර්ජාලය ඔස්සේ “වෙනස් වෙන්න හිතෙන කතා”ඔබ වෙත සමීපකරන්නට රසාලිප්ත ප්‍රකාශන ආයතනය කටයුතු සූදානම් කර අවසන්.
පිටු 144
මිළ රු.500.00
ප්‍රකාශනය÷රසාලිප්ත ප්‍රකාශකයෝ

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *