විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීයාගෙන් කොරෝනා සටනේ යෙදෙන නිලධාරින්ට එළවලු

 විශ්‍රාමික  යුද්ධ හමුදා නිලධාරීයාගෙන්  කොරෝනා සටනේ යෙදෙන නිලධාරින්ට එළවලු

බලංගොඩ සමිපත් ප්‍රියනන්දන

තමන් නිෂ්පාදනය කළ මිල අධික එළවළු වර්ග වන බෙල්පෙපර් සහ ජැපනීස් කියුකමිබර් තොගයක් හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවෙහි සේවය කරන නිලධාරීන්ට පරිත්‍යාග කිරීමට යුද්ධ හමුදාවෙි සේවය කල කේ.වී .ජයසේකර මහතා අද (29) දා කටයුතු කළේය.
දුෂ්කර අවස්ථාවෙි වසංගතය පාලනය කිරිම සදහා දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට සහ පළාත් පාලන ආයතනයේ නිලධාරීන්ට සහනයක් සැළසීම සඳහා තමන්ගේ වගාවෙි නැවුම් එළවලු තොගය එම ආයතන වල කාර්ය මණඩල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරී ජයසේකර මහතා පැවැසීය. ඒ මහතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු වන අතර හල්දුම්මුල්ල ඌව තැන්න ප්‍රදේශයේ ඇති වගා බිමෙන් නෙළා ගත් නැවුම් එළවලු තොගය මෙලෙස පරිත්‍යාග ⁣ කළේය.
මේ අතර කිසියම් රාජකාරියක් ඉටු කරගැනීමට පැමිණි බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාටද ජයසේකර මහතාගෙන් නැවුම් එළවලු පාර්සලයක් ලැබුණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *