“විවාදයට ඉස්සර කියවගන්න බැරිවෙයි” වෝහාරික විගණනය ගැන හඳුන්ගේ මතය

 “විවාදයට ඉස්සර කියවගන්න බැරිවෙයි” වෝහාරික විගණනය ගැන හඳුන්ගේ මතය

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමිණුම් ප්‍රමාණයකින් සමන්විත වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටී.
එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහාරික විගණනය පිළිබඳව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.
එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවෙන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවද සභාපතිවරයා පැවසුවේය.
කෙසේ නමුත් මේ වනවිට එස්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාවේ මේ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *