විදේශීය ශ්‍රමිකයින් සූරාකෑමෙන් මුදා ගනු පිණිස ‘ඔපරේෂන් බැටන්රන්‘ මෙහෙයුම ක්‍රියාත්මක වෙයි

 විදේශීය ශ්‍රමිකයින් සූරාකෑමෙන් මුදා ගනු පිණිස  ‘ඔපරේෂන් බැටන්රන්‘ මෙහෙයුම ක්‍රියාත්මක වෙයි

විදේශීය ශ්‍රමිකයන්ගේ සූරාකෑමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් ඉලක්ක කර සිදු කෙරෙන ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ අඛණ්ඩ මෙහෙයුම්වල කොටසක් ලෙස චීන ජාතිකයෙකු පර්ත්හි දී රැඳවුම් බාරයට ගෙන ඇත.

37 හැවිරිදි මෙම පුද්ගලයා කාලිස්ලේ උපනගරයේ පිහිටි නිවාස ඒකකයකදී වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ සිටින මෙම පුද්ගලයා ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂවරයකු වන අතර ඔහු ඕස්ට්‍රේලියාවේ රැකියා වල නිරතවීම සඳහා අවසර නොමැති විදේශිකයන් සේවයට බඳවා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෑත වසරවලදී ඔහු ව්‍යාපාරික බැංකු ගිණුම් ගණනාවකින් ඩොලර් මිලියන 5.5 කට වඩා මුදල් ආපසු ලබාගෙන ඇති අතර, ඉන් ඩොලර් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් චීනයට යවා ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට බලාපොරොත්තුවෙන් ආගමන රැඳවුම් කඳවුරක රඳවා ඇතැයි වාර්තා වේ.

මෙය නීතිවිරෝධී, පුරවැසියන් නොවන අය ඇතුළු අවදානමට ලක්විය හැකි වෙරළබඩ විදේශීය ශ්‍රමිකයින් සූරාකෑමෙන් මුදා ගනු පිණිස ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් බැටන්රන්‘ නම් මෙහෙයුමේ කොටසකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *