විදෙස් උපාධිවලටත් ආණ්ඩුවේ රස්සා
විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබා උපාධි හිමි කරගෙන සිටින සියලු දෙනාටත් ඉදිරියේදී රජයේ රැකියා ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසා තිබේ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානනදා මේ බව පැවසුවේ විදෙස් රටවලින් උපාධි ලබාගත් පිරිසක් ඉකුත් 22 වෙනිදා අමාත්‍යංශයට පැමිණ ඔහු හා කළ සාකච්ඡාවකදීය.
උතුරු පළාතේ පදිංචිකරුවන් වන ඔවුන් රටවල් කිහිපයකින් උපාධි හිමි කරගත් පිරිසක් වන අතර මැතිවරණයට පෙර රැකියා පුහුණුවට කැඳවීම් නොලද පිරිසක්ද අතිරේකව මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ඒ සියලු දෙනාට රජයේ රැකියා ලබාදීමට තමන් මැදිහත් වන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පොරොන්දු වී ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී වාර්තා විය.