විදුලි බලේ හොරකම් ගැන කියන්න අපිටත් චාන්ස් එකක් දෙන්න – මනු කියවන්නෝ

විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වසර දෙකකදී මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධතා නිලධාරීන්ට රුපියල් කෝටි 368 ක් ගෙවා තිබෙන බවට කෝප් කමිටුවට පසුගිය ජූනි මස 22 දින කළ වැරදි ප්‍රකාශය  ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිලිප් සම්පත් බණ්ඩාර මහතා පවසයි.

අදාළ කාලය තුළ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන්ට උපරිම ලෙස ගණන් හැදුවත් දීමනා ලෙස ගෙවා තිබෙන්නේ රුපියල් කෝටි 06 ක මුදලක් බවද ඒ මහතා කීය.

මහනුවරදී පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකදී සංගමයේ ජාතික සංවිධායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන් 2800 ක් පමණ මණ්ඩලය් සිටින අතර ඔවුන්ට මාසයකට දීමනා ලෙස හිමි වන්නේ රුපියල් 1000.00 ක මුදලක් පමණයි. මනු කියවීමේදී වැරදි තුනක් සිදු වුවහොත් එයද කපා දමනවා.වසර දෙකකදී දීමනා ලෙස ගෙවූ මුදල උපරිම ලෙස සැලකුවහොත් රුපියල් කෝටි 06 කට ආසන්නයි.එසේ නම්   ඉතිරි කෝටි 362 ක මුදලට සිදුවූ දේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් රටට හෙළිදරව් කළ යුතුයි.

මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ කළ වැරදි ප්‍රකාශය හේතුවෙන් ලක්ෂ 60 ට ආසන්න ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික ජනතාවද කැළඹීමට පත්ව සිටිනවා. මණ්ඩලයේ පවතින දූෂණ වංචා සම්බන්ධව හෙළිදරව් කිරීමට කෝප් කමිටුව හමුවට තම සංගමයේ නියෝජිතයින්ද කැඳවන මෙන් එහි සභාපතිවරයා ගෙන්  අපි ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති නාලක ජීව ප්‍රසන්න මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.