වැසි නිමිති කියන සත්තු
පසුගිය සතියේ වර්ෂා නිමිත්ත යනු කුමක්ද යන්න සහ එහි මූලික අවබෝධය අප ලබා ගත්තෙමු. එම මාතෘකාව යටතේම මීලඟ අදියර මෙසේ ඉදිරියට ගෙන යනු ලැබේ.
සත්ත්ව විශේෂ වල චර්යා වෙනස් වීම් තුලින් කියැවෙන වර්ෂා නිමිති
1 කක්කුටිටා සහ නරියා – ලඟ වැසි – සන්ධ්‍යා භාග
කක්කුටිටා තෙතමනයට සංවේදීය. වර්ෂාව භූගත තෙතමනයට එකනෙහිම සංවේදී නිසා කක්කුට්ටා වර්ෂා ප්‍රමාණයට සංවේදි වේ. කක්කුට්ටා තමුන්ගේ නිවෙස් සාදා ගන්නේ පොළව හාරාගෙනය. එය පොළව තුලට හාරන්නේ ඉංග‍්‍රීිසි O හැඩයටය. මෙසේ සාදාගන්නේ නිවෙසට අවශ්‍ය තෙත වාතාශ්‍රය බහුල වීමටත් අවස්ථානුකූලව ක්‍ෂණිකව මතුපිටට පැමිණීමේ හැකියාව වැඩි කිරිමටත්ය.

වර්ෂාව ලඟ ලඟ ඒමත් ප්‍රමාණය වැඩිවීමත් සමඟ භූගත ජල මට්ටම ඉහළ යයි. කක්කුට්ටාගේ නිවසෙහි ගැඹුර වැඩි නම් ඉඩෝරය අධිකය. වර්ෂාව ලඟ ලඟම එන විට භූගත ජලය වැඩි වීමත් සමඟ කක්කුට්ටන් ගොඩට පැමිණේ. එලියට එන කක්කුට්ටන් කෑමට ඉවකරන නරින් සතුටට සහ රැහේ අනෙක් නරින්ට පණිවිඩය කීමට “හූ” කියයි. මෙම ක්‍රියා දාමය හේතු කොටගෙන ජනවහරේ එන “අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි” යන කියමන සෑදී ඇත.
2 වෙල් මැඩියා, පඳුරු මැඩියා කෑ ගැසීම – ලඟ වැසි
වැස්සට පෙර වාතයේ තෙතමනය වැඩි වන විට ගෙඹි සමෙන් හෝමෝන නිකුත් වී අනෙක් ගෙම්බන්ට ඒ බව සන්නිවේදනය කිරිමට කෑ ගසයි. වැසි නොමැති දිනක වුවද වෙල් මැඩියා කෑ ගසයි නම් වර්ෂා පෙරනිමිත්තක් වේ.
3 පූසා නෑම – ඇඟ ලෙව කෑම – ලඟ වැසි (දිනක් තුළ බොහෝවිට)
වර්ෂාවට පෙර වාතයේ තෙතමනය අධික වීමත් සමඟ පූසාගේ සිරුරේ දහඩිය දැමිමත් සමඟ පූසා ඇඟ ලෙව කයි. මෙසේ සිදු වන්නේ වායු ගෝලයේ තෙතමනය වැඩි විමත් සමඟ පූසාට රස්නය දැනිම වැඩි වන නිසාය.
4 බල්ලා වකුටු වි නිදා ගැනීම – වැඩි වැසි
5 උකුස්සා රවුමට කැරකී ඉහලට යාම
උකුස්සා පානය කරන්නේ වැසි ජලය හෝ දිය ඇල්ලකින් ඉහළ සිට පහළට කඩා හැලෙන ජලයයි. වර්ෂාව එන පෙදෙස් රවුමට කැරකී ඉහලට යන්නේ වැඩි ජලය ප‍්‍රමාණයක් පානය කිරිමටයි. එම නිසා උකුස්සා වර්ෂාවට ඉතා සංවේදීයි.
6 පොලවේ සිටින ගැඩවිලන් වැනි භූගත සතුන් ගොඩ බිම මට්ටමට පැමිණීම – දින 2-3 කින් වර්ෂාව
7 වැහිලිහිණියා කෑ ගසමින් අහසේ වේගයෙන් පියාසර කරයි නම් ඉතා ඉක්මනින් වසී.
8 මෝසම් සුලං සමඟ එන සංචාරක පක්ෂීන්
ඉන්දියාවේ සිට ඊසාන දිග මෝසම් සුළංවල සහයෙන් ශ‍්‍රී ලංකාවට පැම්ණෙන පක්ෂීන් අතර කොවුලන්, අවිචිවියා, මාරාවෝ වර්ග (රැහැන් මාරාවෝ, සුදු රෙදි හොරා, සිවුරු හොරා) විශේෂ තැනක් ගනී. මෙහිදී සුළං ප‍්‍රමාණය අනුව පක්ෂින්ගේ සංචරණය සිදු වේ. බර වැඩි කොවුලා වැනි කුරුල්ලන් මෝසම් සුළං වැඩිම කාලයේ දී පැමිණේ. මේ හේතුවෙන් ඊසාන මෝසම් සුළං අධික මාසයේ කොවුලා ලංකාවට පැමිණේ. කොවුලන් ලංකාවේදී බිත්තර දමා පැටවුන් ලොකු වූ පසු නිරිතදිග මෝසම් සුළඟ ආධාරයෙන් නැවත ඉන්දියාව බලා යයි. ( මාරාවෝ වර්ග ඉතා කුඩා නිසා ඊසාන දිග මෝසම් සුළං සක‍්‍රීය විමත් සමඟ ඔවුන්ගේ සංචරණය සිදු වේ.)
9 කලූ කූඹි – හදිසි වැසි
කලූ කූඹියන් බිත්තර සමග නිවසට එන්නේ උන්ට හදිසි එන වැස්සට කලින් ගෙවල් සාදා ගැනීමට කාලයක් නැති නිසාය.
10 වඩු කුරුල්ලා
වඩු කුරුල්ලාට උගේ නම ලැබී ඇත්තේම ඌ සතු ගෘහනිර්මාණ ශිල්පීය දක්ෂතාවය නිසාමය. පෙනුමෙන් ඉතා අලංකාර කූඩුවක් තැනුවද ඉන් එහා ගිය විද්‍යාවක් කූඩුව සතුය. කූඩුවට අවශ්‍ය කරන වායු ගෝලීය තෙතමනය පවත්වා ගැනීමට කූඩුව සාදන ස්ථානය, විවරය තබනා දිශාව ආදී කරුණු ගැනද ඉතා සංවේදීය. කූඩුවට අවශ්‍ය කරන තෙත සුළං දහරා ලබා ගැනීමට බොහෝ විට වඩු කුරුළු කූඩු දැකිය හැක්කේ වැසි ජලය එක් රුස් වෙන දිය කඩිති, ජලාශ, ඇලක් දොලක් ආශි‍්‍රතවය. මෙහිදී විශේෂ අවධානය යොමු කල යුතු වන්නේ කූඩුව දියට අසලින්ම පහලින්ම පිහිටි අත්තක කූඩුව තනන්නේනම් වැස්ස අඩු කාලයකි. කූඩුව ඉතා ඉහලින් සාදන්නේනම් මහ වැසි වසී. මෙසේ ජලයේ සිට කූඩුවට ඇති උස වෙනස් වන්නේ වර්ෂාවට ඉතා සංවේදී වඩු කුරුල්ලා වර්ෂාවේ ප‍්‍රමාණය දැන තම කූඩුව ගං වතුරින් ආරක්ෂා කිරීමටත් උපරිම තෙත සුළං කූඩුවට ලබා ගැනීමටත් උගේ ඉව භාවිතා කිරීමෙනි.
11 කිරලා
කිරලා බෙහෝවිට වගුරු බිමි ආසන්නයේ ජීවත් වන වර්ෂාවට ඉතා සංවේදී පක්ෂියෙකි. විශේෂයෙන්ම කිරලා ජලයට ආසන්න වැව් පිටිෙවල තම බිත්තර දමයි. එහිදි වර්ෂාවේ ප‍්‍රමාණය අනුව බිත්තර දමන ස්ථානය තිරණය කරන්නේ එලඹෙන වර්ෂාවෙන් තම බිත්තර ආරක්ෂා කිරිමටයි. ඒ අනුව වැව් පිටියේ ඈත කෙලවරේ කිරලා බිත්තර දමයි නම් එලඹෙන වර්ෂාව ඉතා වැඩි වී වැව් පිටාර මට්ටම දක්වාම පැමිණිය හැක. නමුත් වැව් දියට ආසන්නයේ මඩ කළුව ආශ්‍රිතව බ්ත්තර දමයි නම් බිත්තර වලින් පැටව් එන තුරු වැවේ වැඩි වන වතුර ප්‍රමාණයක් නැත. එනම් ලඟ එලඹෙනේනේ ඉඩෝරයකි.
12 වේයා
වැස්සට පෙර තම වාසස්ථානය සකසා ගැනිම කෘමි සිරිතයි. ඒ අනුව වේයාද වර්ෂාවට ප‍්‍රථම තම තුඹස බැඳීම සිදු කරයි. මෙහි අවධානය යොමු කල යුතු වන්නේ තුඹස ඉතා වේගයෙන් බඳී නම් හදිසි වැසි ඇති වේ. තුඹස ගැනීමට පොළවෙන් ගන්නා මැටි වල තෙතමනය අධික වි නම් පොහොය දින ආශි‍්‍රතව වර්ෂාව ලැබේ. (එසේ වන්නේ චන්ද්‍ර ආකර්ෂණය පොළවේ භූගත ජල මට්ටමට කෙරෙන බලපෑමෙනි.)

නිරීක්ෂණයට අපහසු සත්ත්ව චර්යා තුලින් කියැවෙන වර්ෂා නිමිති
1 බිම් ඌරා ගොඩබිම මතුපිට දිස් වීම – සති 1-2 න් වර්ෂාව
2 කරුඹයා (කඩියාට සමාන කෘමියෙකි.)
පස් ගුලි කර ගුල මත්තෙහි වැටි තැනීම – මෝසම් වර්ෂාව සක‍්‍රීය වේ.
3 කපුටු කූඩු යට බිදුන බිත්තර කටු වැඩි විම – මෝසම් වර්ෂාව -ඊසාන
සංචාරක කොවුලා කපුටු කූඩුවේ බ්ත්තර දැමීමෙන් පසු උරණ වන කපුටන් එම බිත්තර බිමට හෙලයි. මෙහි සැඟවුනු අරුත වන්නේ ලංකාවට සංචාරක කොවුලන් පැම්ණ ඇති බවත් එසේ වන්නේ සක‍්‍රීය ඊසාන දිග මෝසම් සුළං වල ආධාරයෙන් බවත්ය.
4 ඉත්තෑ නිවසේ රොන් මඩ ඉවත් කර තිබීම – වැස්ස සති 2 ක් ඇතුලත
අප ලබන සතියේ වර්ෂා නිමිති කියන ගස් වැල් ගැන දැන ගනිමු.
මහේන් සූරී