වැලිසර නාවිකයින් ඇසුරු කළ බළන්ගොඩ අවට 42ක් නිරෝධායනයට

නලින්ද සමිපත්
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩුවට පැමිණි නාවික සෙබළුන් තිදෙනෙකු සමග සමිපව කටයුතු කළ සහ ඔවුන් සංචාරය කළ ප්‍රදේශවල පදිංචි 30 දෙනෙකු අද (24) වැනිදා සිට දින 14 ක කාලයක් පදිංචි නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කළ බව බළන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මේ අතර වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලැබ බළන්ගොඩ ප්‍රදේශයට නාවික හමුදා සෙබළුන් දෙදෙනකු පැමිණ තිබෙන බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔවුන් සමග සමීපව කටයුතු කළ පුද්ගලයන් 12 දෙනෙකුද පදිංචි නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීහු සඳහන් කරති. මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරිමට නියමිතව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.