වැලිමඩ ගොවීහු පොහොර ඉල්ලා වීදි බසිති

කැප්පෙටිපොල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය ඉදිරිපිටට ඊයේ (06 දා පෙරවරුවේ) රැස් වූ වැලිමඩ සානුවේ ගොවින් රජයට බල කරමින් කියා සිටියේ මෙවර යල් කන්නයේ අර්තාපල් සහ උඩරට එළවළු වගාවට හිගයකින් තොරව පොහොර ලබා දෙන ලෙස යි. නිරෝධායන රෙගුලාසි වලට අනුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ වැලිමඩ ගොවිජන එකමුතුවයි.
මීට එක්වු ගොවින් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසල උද්ඝෝසනය කළහ. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ වැලිමඩ ගොවිජන එකමුතුවේ කැදවුම් කරු ඩබ්ලිව්.එම්. ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය තමයි එළවළු වගා කිරීම. අද මේ වන කොට එළවළු ගොවියා අසරණ වෙලා ඉන්නවා පහුගිය කාලෙ වගේම. ඒ තමන්ගේ වගාවන්ට අවශ්‍ය පොහොර නැතිව. විශේෂයෙන්ම වැලිමඩ ඌව පරණගම ගොවිජන කොට්ඨාශවල මේ අර්තාපල් වගාවන් ආරම්භ කරන කාලය. මේ කාලයට නැති පොහොර වැලිමඩ ඌව පරණගමට ආයේ ඕනි වෙන්නේ නැහැ. ගොවියා අසරණ කළ මේ පාලකයන්ට අපි කියනවා වැලිමඩ ගොවියන්ට මේ කන්නයේ පොහොර හිඟයකින් තොරව දෙන්න අසමත් වුනොත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයත් එක්ක එකතු වෙලා අපට ගත හැකි ඉහළම ක්‍රියා මාර්ගය ගන්නවා කියන එක”.
“අද මේ ගොවියෝ පාරට බැහැලා තියෙන්නේ වගා කරන්න පොහොර ඉල්ලලා. මේ ආණ්ඩුව බලයට එනකොට බොහොම පැහැදිලිව කිව්වා ගොවියන්ට වගා කරන්න පොහොර නිකන් දෙනවා කියලා. අද වෙනකොට නිකන් තියා සල්ලි වලටවත් ගන්න පොහොර නැහැ. පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් කියනවා රටට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව තියෙනවා කියලා. එතකොට මේ දැන් ගොවින්ට පිස්සු හැදිලද මේ පාරට බැහැලා පොහොර ඉල්ලලා කැ ගහන්නේ. පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් කියන්නේ බොරු. ආණ්ඩුව ගොවියන්ට දුන්නු එක පොරොන්දුවක්වත් ඉටු කළේ නැහැ. පොහොර සහනාධාරය දෙනවා කියලා සියයට පනහකින් කප්පාදු කළා. පොහොර හිඟයක් මවලා තියෙන්නේ. අපි ගොවිජනතාවට කියනවා මේ රටේ සියළු ගොවි අයිතිවාසිකම් දිනා ගත්තේ පාරට බැහැලා විරෝධතා කරලා. ඒ නිසා අපි ගොවිජනතාවට කියනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න ගොවි අයිතිවාසිකම් දිනා ගන්න කියලා.” මෙහිදී අදහස් දැක්වු සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී. සරත් මහතා පැවසීය