වැලිගෙපොළෙන් ගෙනා මළ සිරුරක් නිසා කහවත්ත රෝහලේ කලබලයක්.

 වැලිගෙපොළෙන් ගෙනා මළ සිරුරක් නිසා කහවත්ත රෝහලේ කලබලයක්.

අද (21) පෙරවරුවේ කහවත්ත මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 124 දෙනෙකු නිහඬ විරෝධතාවයක නියැලෙමින් සේවයෙන් ඉවත් වූහ. ඒ පසුගිය සෙනසුරාදා (18) බලංගොඩ වැලිගෙපොළ රෝහලේ සිට ගෙන එනවිටත් මියගොස් සිටි තැනැත්තෙකුට  කොරෝනා  වෛරසය ආසාධිතව තිබුණේදැයි තහවුරු කරගැනීම සඳහා රත්නපුර පළාත් මහරෝහලට යැවූ සාම්පලවලට අදාල වාර්තා මේවනතෙක් ලැබී නොමැති පසුබිමක තමන් අනාරක්ෂිත යැයි එම සේවක පිරිස තීරණය කිරීමේ හේතුව මතය.
අදාල මියගිය තැනැත්තාගේ දේහය රෝහලට ගෙන අවස්තාවේ රාජකාරියේ නිරතව සිටි සෞඛ්‍ය කාර්ය සහායකයා නිරෝධායනය කිරීමට බව පවසමින් පැරණි වැසිකිලි වලක් මත ඉදිකළ තහඩු මඩුවක ලැගුම් ගන්නට සළස්වා ඇති බවට චෝදනා කරන මෙම සේවක පිරිස පවසන්නේ, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය නොසළකා හරින අතර පහසුකම්ද ලබාදෙන්නේ අඩුවෙන් බවයි. මේ වනවිට රෝහලේ විෂබීජහරණයට කටයුතු යොදා ඇතත් නිරෝධායනය කර ඇත්තේ එම සේවකයා පමණි.
මේ සම්බන්ධව සේවක පිරිස වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රකාශකයෙකු පැවසුවේ ආසන්න බලංගොඩ රෝහලට එම මෘත ශරීරය රැගෙන නොයා දුරින් පිහිටි කහවත්තට ගෙන ඒම ගැටලුවක් බවයි.
කෙසේවෙතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හා සාකච්ඡා කිරීමෙන් පසු, ආරක්ෂිත ඇඳුම්, ප්‍රවාහන හා වෙනත් පහසුකම් සැපයීමය රෝහල් පාලනාධිකාරිය එකඟ වීම නිසා දහවල් වනවිට වැඩ වැරීම නිමා වී තිබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *