වැලිකඩ රැඳවියෙකුට කොවිඩ් 19

වැලිකඩ රඳවා සිටින රිමාන්ඩ් සිරකරුවෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු වන අතර පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු මධ්‍යස්ථානයෙහි රඳවා සිටි පුද්ගලයෙකි. පසුගිය ජූනි මස 27 වෙනි දින එහි සිට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවා ඇත.

ආසාදිතයෙකු ලෙස හඳුනාගනු ලැබූ මෙම පුද්ගලයා හා ආශ්‍රිතයන්ද පරීක්ෂණවලට භාජනය කෙරෙමින් තිබෙන අතර නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ. ඒ අතර බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂණවලට ලක් කරන බව වාර්තා වේ.

කෙසේවෙතත්, අද දිනයේ කොවිඩ් 19 ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වූ රෝගීන් අතරින් 1955 දෙනෙකු සුවය ලබා තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *