වැල්ලවාය, ඇල්ලෙවල දිය ඇල්ලට කල්මුණේ හතරක් බිලි. මිනී සෙවීම දුෂ්කරයි.
ඉන්දික ගරුසිංහ. වැල්ලවාය.
වැල්ලවාය ඇල්ලෙ වල දිය ඇල්ලේ දිය නෑමට පැමිණි කල්මුනේ ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
දහ දෙනකුගේ පිරිසක් මෙම කණ්ඩායමේ පැමිණ ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු දිය ඇල්ලට පැන දිය නෑමට ගිය අවස්ථාවේ මෙසේ දියේ ගිලී තිබේ.
අධික ශීතල සහ දැඩි සැඩ පහර හේතුවෙන් මේ වන විටත් මරණ ගොඩ ගැනීමට නොහැකි වී ඇති අතර වැල්ලවාය පොලීසිය සඳහන් කර සිටියේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා ගෙන මෙම මරණ ගොඩගැනීමට කටයුතු යොදන බවයි.
මේ දිය ඇල්ල ආශ්‍රිතව දහතුන් දෙනෙකු මීට පෙර මියගොස් ඇති අතර අද සිදුවීම සමග මෙතෙක් මිය ගිය ගණන දාහත දක්වා ඉහළ යනවා.