වැල්ලවායේ තත්ත්වය සුබදායක නැහැ
වසා දමා ඇති වැල්ලවාය නගරය යළි විවෘත කිරීම හා හුදෙකලා කර ඇති ගම්මාන තුනක ජනයාට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වැල්ලාය කොවිඩ් මර්ධන කමිටුවේ ඔන්ලයින් සාකච්ඡාව ඊයේ 03 වැනිදා පැවැත්විණ. ඒ කමිටුවේ සභාපති ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායකගේ ප්‍රධානත්වයෙනි.
එහිදී වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච් පියසුමන පැවසුවේ දෛනික පරීක්ෂාවන්හී ප්‍රතිඵලවලින් පෙනෙන අන්දමට තත්ත්වය සුබදායක නොවන බවයි. ඔහුට අනුව වෛරසය බාහිර පරිසරයේ ව්‍යාප්ත වී තිබිය හැකිය. තවත් පීසීආර් පරීක්ෂණ 200ක පමණ ප්‍රතිඵල ලැබෙන්නට නියමිත නිසා ඒ අනුව ඉදිරි තීන්දු ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
කමිටුවේ සභාපති හා ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක පැවසුවේ රජයේ උපදෙස් මත හුදෙකලා කළ ගම්වල ජනයාට රුපියල් 5000 ලබා දීමට කටයුතු කරන බවයි.
වැල්ලවාය ප්‍රාදේශීය සභාපතිවරයා මෙහිදී පැවසුවේ ආරම්භ කරන නිරෝධායන මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම සඳහා සභාවේ සහයෝගය ලබා දෙන බවයි.
වැල්ලවාය වෙළඳ සංගමයද මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කරන බව පැවසීය.