වැඩකරන ජනතාව වෙනුවෙන් පොදු සතුරා කොරෝනා ලෙස සිතා සාමූහිකව වැඩ කළ යුතුයි – රනිල් කියයි

 වැඩකරන ජනතාව වෙනුවෙන් පොදු සතුරා කොරෝනා ලෙස සිතා සාමූහිකව වැඩ කළ යුතුයි – රනිල් කියයි

වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව මේ මොහොතේ ගතයුතු පියවර 03ක් ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවිඩයෙන් අවධාරණය කරයි. ඒවා නම්, එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය සහන දේශපාලන භේදයකින් තොරව ජනතාවට ලබා දීම, රැකියා උත්පාදනය කරන මහාපරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීම සහ දේශීය හා ගෝලීය අභියෝග හමුවේ රටේ ආර්ථිකය යළි නංවන ක්‍රමික වැඩ සැළැස්මක් සකස් කිරීමයි.
කවුරුන් කෙසේ පැවසුවත් අවම වශයෙන් තවත් වසරක්වත් කොරෝනා සමග ජීවත්වීමට ජනතාවට සිදුවනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

රටේ වැඩකරන ජනතාව කොරෝනා හමුවේ පමණක් නොව කඩා වැටෙන ආර්ථිකය හමුවේද සෞඛ්‍ය සම්පන්න විය යුතුව තිබේ. රාජ්‍ය ආදායම පහළට වැටීමේ දුර්දසා සම්පන්න තත්ත්වයට සාමූහිකව විසඳුම් සෙවීම සඳහා රජය යොමුවිය යුතුබවද පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ අවස්ථාවේ පොදු සතුරා කොරෝනා වසංගතය බව වටහාගෙන දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරව කටයුතු කිරීම උචිත බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *