වැටුප් කප්පාදුව එපා – UDA සේවකයෝ
කොරෝනා අරමුදලට සිය දිනක වැටුප අයකර ගැනීම බලවත් අසාධාරණයක් බව නාගරික සංවර්ධන අධිකාරියේ සේවක සංගමය පවසයි. රුපියල් 10000ක පැමිණීමේ දීමනාවද නොගෙවීමට තීරණය කර ඇති පසුබිමක එයද එක්ව ගණනය කර ලබාගෙන ඇති බැංකු ණය පවා ගෙවාගත නොහැකි සේවකයින්ගේ වැටුප් කප්පාදුව නොකළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. රණුග්ගේ වැටුප් කොමිසමේ නිර්දේශද නොතකා හැර තිබෙන පසුබිමක සිය අමතර ආදායම් පවා අහිමිවී ඇතැයිද එවැනි පසුබිමක වැටුප් කප්පාදුවට සැරසෙන බවට තොරතුරු ලැබීම දැඩි කම්පනයක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.