වායුසමනය අලුත්වැඩියා කරමින් සිටි මහනුවර තරුණයා මරුට බිලි වේ

මහනුවර දෙවන රාජසිංහ මාවතේ  පිහිටි තරු හෝටලයක වායු සමීකරණ යන්ත්‍රයේ ගෑස් නළයක් පුපුරා යාමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙම අනතුර අද  (04) පස්වරු 1.45 ට පමණ සිදුව තිබේ.

වායු සමීකරණ යන්ත්‍රය නඩත්තු කිරීමට යාමේදී මෙම පිපිරුම සිදුව තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හිෂාම් වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ නියුක්ත කාර්මික ශිල්පියෙකි. 

හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ පවත්වයි.

මියගිය පුද්ගලයා හෝටලයේ සේවකයෙකු නොවන බවත් වායු සමීකරණ අලුත්වැඩියා කටයුතු බාරදී තිබෙන ආයතනය මගින් ඔහුව හෝටලයට යොමුකර තිබූ බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී හෝටල් පරිපාලනය ප්‍රකාශ කෙළ්ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.