ව්‍යසන මැද තිරිසනුන් සේ හැසිරුණු වතු ලොක්කෝ

ඇඳිරි නීතිය පනවා තිබියදී බීමතින් පැමිණ (26)රාත්‍රියේ හන්තාන පහේ කණුව ප්‍රදේශයේ පෙට්ටි කඩ දෙකකට පහරදී ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්තේ සහකාර වතු අධිකාරිවරුන් දෙදෙනෙකු මහනුවර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා පෙට්ටි කඩ දෙකට ගිනි තබා මෝටර් රථයකින් පළා යද්දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇත.එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් අල්ලා පහරදී පොලීසියට බාරදී තිබේ. හිටපු ප්‍රවාහන රාජ්‍යය ඇමැති දිළුම් අමුණුගම මහතා පෙරේදා (27) දහවල් අදාළ ස්ථානයට ගොස් එම ජනතාව හමුවූ අතර ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනවසම සභාපතිවරයා ගෙන් හා වැවිලි ඇමැතිවරයා ගෙන් හා පොලීසියෙන් ඉල්ලා සිටි බවයි.
කඩ දෙකක් ගිනි තබා රජයේ වාහනයක් අනතුරට පත්කර තිබෙන බවත් රට ව්‍යසනයකට පත්ව තිබෙන අවස්ථාවක ඇඳිරි නීතිය පනවා තිබියදී රජයේ නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම තමන් තරයේ හෙළා දකින බවද ඒ මහතා කීය. සැකකරුවන් දෙදෙනා මත්පැන් සාදයක් පවත්වා රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණ පෙට්ටි කඩ දෙකට ගිනි තබා තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.