වළවේ ගඟේ ගිලී දෙදෙනෙකු මිය යති .
රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි
බළන්ගොඩ කල්තොට වැලිපතයාය ආසන්නයෙන් ගලන වළවෙි ගඟේ 23 මංකඩ ප්‍රදේශයේ දිය නැමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අද (14) දා සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය පැවැසීය.
ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් අකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හර්ෂන විමලසේන නමැති (22) හැවිරිදි පුද්ගලයෙකු සහ කොත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්ෂාන් කසුන් ප්‍රියන්ත නමැති (20) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත. පිරිසක් විනෝද චාරිකාවක් පැමිණි ඇති අතර වැලිපතයාය ප්‍රදේශයේ යහළුවකුගේ නිවසට ගොස් පසුව පුද්ගලයන් හයදෙනෙකු මෙලෙස කල්තොට වැලිපතයාය වළවෙි ගඟේ 23 කෑල්ල කෝංගහමන්කඩ ප්‍රදේශයේ දිය නැමට ගොස් තිබෙි. එහිදි මොවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවට පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
ඔවුන්ගේ සිරුරු අද සවස කල්තොට රෝහලට රැගෙන එන ලදී. පශ්චාත් මරණ පරික්ෂණ හෙට (15) දා බලන්ගොඩ මුලික රෝහලේ දි පැවැත්වීමට නියමිතව ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් කල්තොට පොලීසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වෙි.