වසංගතය නිසා රට අගුළු දැමූ මැලේසියාව සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ගාල් කරයි.

 වසංගතය නිසා රට අගුළු දැමූ මැලේසියාව සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ගාල් කරයි.

මැලේසියානු රජය සංක්‍රමණිකයන් සහ සරණාගතයින් 700 කට වැඩි ප්‍රමාණයක්  රඳවා තබා ගෙන තිබේ. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කොරෝනා  වෛරසය පැතිරීම වැළැක්වීමට දරන උත්සාහයේ පියවරක් ලෙස එය සිදුකරන බවයි.

මෙම තීරණය ක්‍රියාවට නැංවෙන්නේ සති ගණනාවක් තිස්සේ විදේශිකයන්ට එරෙහි ව එල්ල වූ සමාජ මාධ්‍ය ප්‍රහාර වලින් පසුව යි.  ඇතැම් ප්‍රචාර හරහා එරට සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයන් සංක්‍රමණිකයන් සහ සරණාගතයින් කොරෝනා වෛරසය පැතිරවීමට කටයුතු කර ඇති බවට චෝදනා කර ඇත. තවත් සමහරුන්  ඔවුන්ට දොස් පවරන්නේ “මෙම පිරිස රටේ සම්පත් සූරාකන බව” පවසමින් ය. එය මැලේසියාවේ සම්පත් හිඟයට බලපා ඇති බව ඔවුන්ගේ පිළිගැනීමයි.

රට තුළ “නීතිවිරෝධී” ලෙස ජීවත්වීම හේතුවෙන් මැලේසියාව මේ වනවිටත් සිය ගණනක් සරණාගතයින් සහ සංක්‍රමණික කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත. නව කොරෝනා  වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව පනවා ඇති ගමන් තහනම කඩ කළ බවට ද මේ පිරිසට චෝදනා එල්ල වී ඇතැයි සරණාගත අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් පවසයි.

සංක්‍රමණික විදේශිකයන් සිය රටට පැමිණීම පිළිබඳව මෑත දිනවල එරට මහජන කෝපය වර්ධනය වෙමින් පවතින අතර මැලේසියාවේ කොරෝනා වෛරසය පැතිරවීම සහ රජයේ සම්පත් මත බරක් බවට පත්වීම සම්බන්ධයෙන් සංක්‍රමණික විදේශිකයන්ට රට වැසියෝ චෝදනා එල්ල කරති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *