වධහිංසාවට ලක්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය මහනුවරදී

සෑම වසරකම ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තනේ මහනුවර මානව හිමිකම් කාර්යාලය මගින්  සංවිධානය කළ නිහඬ විරෝධතාවක් පෙරේදා (25)  මහනුවරදී පැවැත් විණි.

රජය විසින් නිර්මාණය කල අර්බුදයෙන් පීඩා විඳින ජනතාව පොලිස් ප‍්‍රචණ්ඩත්වයෙන් මර්දනය කිරීම හෙළා දකිමු යන්න තේමා කර ගනිමින් මෙම විරෝධතාව පැවැත් වූ අතර මෙය මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි.

අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, බන්ධනාගාරගත වූවන්ගේ පවුල් වල සාමාජිකයින්, පූජකවරුන්, නීතිඥවරුන් සහ සිවිල් ක‍්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

පොලිස් නිලධාරීන් දේශපාලනඥයින් පමණක් නොව ජනතාවද ආරක්ෂා කළ යුතු බවත්  ජනතාව පීඩාවට සහ වධහිංසනයට පැමිණවීම ඔවුන්ගේ අරමුණ නොවිය යුතු බවත්  මෙහිදී අදහස් දැක්වූ නන්දන මනතුංග පියතුමා පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.