වතු ජනයාට සහන රොටියක්. පාන් පිටි නිදහස් දවසින් පසුව
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80.00 ක සහනාධාර මිලක් යටතේ මාසයකට තිරිඟු පිටි කිලෝ 15 ක් වතු කම්කරු ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
සහනාධාර ක්‍රමය යටතේ මෙම තිරිඟු පිටි නිකුත් කිරීම පෙබරවාරී මස 05 දින සිට සිදු කරන බවද ඒ මහතා කීය.
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකදී තොණ්ඩමන් මහතා මේ බව හෙළි කළේය.
තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමඟ තමන්ට සහනාධාර මිලට තිරිඟු පිටි ලබාදෙන ලෙස වතු ප්‍රජාව කළ ඉල්ලීම සලකා බලා ඔවුන්ට සහනයක් ලෙස මෙම මිලට තිරිඟු පිටි කිලෝ 15 ක් මාසයකට නිකුත් කිරීමට තීරණය කළ බවද ඒ මහතා කීය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.