වතු කම්කරුවන්ට දහස හිමි වේ

වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද රුපියල් 1000.00 ක දෛනික වැටුප වතු කම්කරුවන්ට ලබාදීමට වතු සමාගම් පියවර ගෙන තිබේ.
දිනක මූලික වැටුප රුපියල් 900.00 ක් හා අයවැය දිමනාව රුපියල් 100.00 ලෙස මෙම රුපියල් දහසේ වැටුප සකස් වී ඇත.

මෙයට ප්‍රථම වතු කම්කරුවෙකුට රුපියල් 750.00 ක දෛනික වැටුපක් වතු සමාගම් විසින් ගෙවනු ලැබීය.
පසුගිය අයවැය යෝජනාවේදි වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිවිය යුතු බවට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය,වතු සමාගම් සහ වෘත්තිය සමිති අතර දිර්ඝ වශයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ යුතු බවට වැටුප් පරිපාලක සභාව තීරණය කළේය.

වතු සමාගම් විසින් වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකර ගෙවිම් සිදු කළද වතු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර මිට ප්‍රථම අත්සන් කර තිබු අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වතු සමාගම් විසින් ලබාදුන් සුබ සාධන හා සෞඛ්‍ය පහසුකම් ලබානොදීමට ඇතැම් වතුසමාගම් තීරණය කර තිබේ.
රුපියල් දහසක වැටුප් ලබාදිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් මාධ්‍යයට අදහස් දක්වමින් මෙම වැටුප ලබාදිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට සහ වතු වෘත්තිය සමිති වලට තම ස්තුතිය පුද කරන බවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *