වතු කම්කරුවන්ට තෛපොංගල් තෑග්ගක්

වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අද ජනවාරි 15 තෛපොංගල් දිනයේ දී ප්‍රකාශ කරන්නට නියමිතය. ඒ අනුව මාර්තු පළමුවැනිදා සිට රජයේ එම තීරණය ක්‍රියාත්මක වී මාර්තුවේ සිට කම්කරුවන්ට වැටුප් වැඩි වේ. ඊයේ 14 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය පළ වීමෙන් මේ තීන්දුවට එළඹෙන බව රජය පවසයි. වතු කම්කරු ජනයා දීර්ඝ කාලයක පටන් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා අරගල කළහ. තමන් බලයට පත් වූ පසු එම ඉල්ලීම ඉටු කරන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස පොරොන්දු විය. ජනාධිපතිවරණයේදී වතුකරයේ ඡන්ද බහුතරය ඔහුට විරුද්ධව ප්‍රකාශ වූවද මෙම තීරණය සමග ඉදිරියේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව සහ තොණ්ඩමාන්ගේ බලය ඉහළ යා හැකි බව වතුකරයෙන් වාර්තා වේ.