වතුරේ දියවී ගිය ජල ව්‍යාපෘතිය අහෝ අපට දිය බොන්නට පිං නැතිදෝ.

බිනර ජයබාහු – කුරුණෑගල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම තලාකොළ ග්‍රාමය තුළ ඉදිකල පානීය ජල ව්‍යාපෘතියක්  පසුගිය දා  ජනතා අයිතියට පත්කර දෙන ලදී.

උග්‍ර ලෙස වකුගඩු අර්බුදයෙන් ප්‍රීඩා විදින පිරිස් ජීවත් වන මේ ප්‍රදේශයට පානීය ජලය යනු මහගු සම්පතක් විය.

මේ නිසාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා  ගම් වැසියන්ගේ ප්‍රජා දායකත්වය නොඅඩුව ලාබා දී ඇත්තේ පිරිසිදු පානීය ජලය පිළිබදව දහසකුත් බලාපොරොත්තු පොදි බැදගෙනය

නමුත් මේ ප්‍රදේශයේ  අහිංසක ප්‍රජාවගේ බලාපොරොත්තු සියල්ල සුන්වී ගොස් ඇති බවට ඔවුන් මැසිවිලි නගන්නේ මහත් කළ කිරීමෙනි.

නව ව්‍යාපෘතියෙන් ලද ජලය පානය සදහා සුදුසු නොවන බවට බොහෝ පිරිස් චෝදනා  කරයි. ජලයේ කිවුල් ගතිය තිබෙන බව සදහන් කරන ඇතමෙක් පවසන්නේ එම ජලය පානය කල විට බඩ පපුව දැවිල්ල ඇති වන බවය.

මෙය රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන්   ඉදිකරන ලද එකක් වන බවත්,  මේ දිනවල එම සංවිධානය  විසින් ප්‍රදේශවාසීන් රැස්කර එම ජලය බීමට සුදුසු බව පවසමින් පානය කරවීමට නොයෙකුත් වක්‍ර හා සෘජු බලපෑම් සිදු කරන බවටද සමහරෙක් චෝදනා කරයි.

මිලියන ගණනක් වියදම් කර මෙලෙස ප්‍රජාව තුල අවිශ්වාසයක් ගොඩනගමින් ඔවුන් අනතුරේ හෙලන මෙවැනි ව්‍යාපෘති පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කල දිනය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.