වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ වන සංහාරයක්

වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනයෙන් හෙක්ටයාර 9960ක් හේන් ගොවියන් 460කු විසින් අල්ලාගෙන බව වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව පවසයි

මොනරාගල -නයනජිව බන්ඩාර

වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් සියඹලාන්ඩුව, කොටියාගල වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලැ ඉඩමි හෙක්ටයාර 9960ක් පමණ, මෙි වනවිට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගාවන්හි නියැලෙන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂිතය තුළ ඇති බඩඉරිගු වගාවක්

 වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි වන නිළධාරින් මෙි බව පැවසුවෙි, මොනරාගල දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේදි, ඉකුත්දා පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමෙිදි, මෙම ඉඩමි සමිබන්ධයෙන් මතුවු ගැටලුවකට පිළිතුරැ ලබා දෙමිනි.

මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව වන අඩවියට අයත් මෙම වත්තේගම, කැබිලිත්ත රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 28926ක විශාලත්වයෙන් යුක්තය.කලුවර,බුරැත,වීර, පලු, වැනි වටිනා වියලි කලාපිය ශාක ප්‍රජාවකින් යුත් මෙහි  අලියා. වලහා,දිවියා, ඇතුලු සත්ව විශේෂ ගණනාවකට ආරක්ෂාව,රැකවරණය හා වාසස්ථාන සපයයි. 

 2012 වසරේ නොවැමිබර් මස 12 දින අංක 1784/9 දරණ අතිවිශේෂ ගැසටි පත්‍රයක් මගින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව මෙම වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේද, පාරිසරිකවත්,ජෛව විද්‍යාත්මකවත්,මෙහි ඇති වැදගත්කම සළකාය.

යාල ජාතික වනෝද්‍යානයට හා කුමන ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති මෙම රක්ෂිත වනාන්තරය, 2000 වසරෙන් පසුව, ප්‍රදේශයේ විවිධ පිරිස් හා කන්ඩායමි විසින් අල්ලාගෙන, කැලැ එළිපෙහෙලිකර හේන්වගාවන් සිදු කර ඇතිබවත්, මෙි වන විට රක්ෂිතය තුල පමණක් අල්ලාගෙන ඉන්නා ඉඩමි ප්‍රමාණය හෙක්ටයාර දහදාහකට ආසන්න බවත් ඊට අමතරව තවත් පිරිසක් මෙම රක්ෂිත වනාන්තරයට  පිටත තිබු, වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවට අයත් තවත් කැලැ ඉඩමි අක්කර 25000ක් පමණ බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගාකරමින් ඇති බවත්, වන නිලධාරිහු  පෙන්වාදෙති.

“ වත්තේගම,කැබිලිත්ත රක්ෂිතය තුල සහ ඉන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතුව තිබු කැලැ ඉඩමි අක්කර 50000ක් විතර මෙි අනවසර හේන් ගොවියන් විනාශ කරලා,බඩඉරිගු ඇතුලු හේන් බෝග වගාකරලා තියෙනවා.මෙි වන අපරාධයන්ට සමිබන්ධ අහිංසක හේන් ගොවියෝ නෙමෙයි. යම් යම් දේශපාලන සමිබන්ධකම් තියෙන ගොවි ව්‍යාපාරිකයනුයි, මෙි ඇතැම් අයට රක්ෂිතයේ අක්කර 100- 200 තියෙනවා.මෙික දැන් කාලයක සිට සිද්ධ වෙන අපරාධයක් වන නිලධාරිහු කියති. 

වන නිලධාරින් පෙන්වා දෙන අන්දමට මෙම වත්තේගම කැබිලිත්ත රක්ෂිතය තුල හේන් වගාවෙි නියැලෙන ගොවියන් ප්‍රමාණය 460කි. නමුත් සියඹලාන්ඩුව ප්‍රාදේශිය ලේකමිවරයා පෙන්වා දෙන්නේ මෙම රක්ෂිත මායිම ඇතුලත හේන් ගොවියන් සහ ඔවුන්ගේ අනු පවුල් 1270ක් හදුනාගත් බවයි.ඊට අමතරව වනසංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලැඉඩමි අල්ලාගෙන හේන්කරන තවත් ගොවියන් 2640ක් රක්ෂිතයෙන් පිටත ඉන්නා බවද ප්‍රාදේශිය ලේකමිවරයා පවසයි.

කෙසේ නමුත් වත්තේගම කැබිලිත්ත රක්ෂිතයට සිදුව ඇති විනාශය හා එහි ආරක්ෂාව සමිබන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබදව අප මොනරාගල දිසා වන නිළධාරි භාරත දිසානායක මහතාගෙන් කල විමසිමකදි ඒ මහතා මෙසේ පැවසුවෙිය,

“ සියඹලාන්ඩුව කොටියාගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් නමුත් දැනට කැලැ නොවන ඉඩමි අක්කර 25000ක් හදුනාගෙන සියඹලාන්ඩුව ප්‍රාදේශිය ලේකමිවරයා වෙත පවරා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. අපේ දෙපාර්තමෙින්තුවෙි නිළධාරින් සහ මෙම ඉඩමි භාවිතාකරන ගොවියන්ගෙන් සමන්විත ගොවි සංවිධාන එක්ව කල සමික්ෂණයකදි වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ඇතුලේ හේන් කරන ගොවියන් 460 කුත්, ඉන් පිටත වගාකරන ගොවියන් එක්දහස් ගනනකුත් හදුනගත්තා. මෙි ගොවියන් අතර ඇතැමි ගොවියන්ට අක්කර 50-100 හෝ ඊට වැඩියෙනුත් තිබුනා. ඒ නිසා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙිදිත්, පසුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනුත්, අපේ විෂයභාර ඇමතිවරයා සහ අපේ උසස් නිළධාරිණුත්, හමුවි කල සාකචිජාවලදිත් එකග වුනා, මෙම හේන් ගොවියන් සියලු දෙනාට අප විසින් නිදහස්කරලා දෙන ඉඩමි අක්කර 25000 යටතේ එක් පවුලකට අක්කර 05 බැගින් බෙදලා දෙන්න. ඇත්තෙන්ම රටෙි ඉඩමි නිතියට අනුව එක් ගොවියෙකුට උපරිම දෙන්න පුලුවන් අක්කර 02ක් පමණයි. නමුත් මෙික සුවිශේෂි තත්වයක් නිසා ඒ ගැනත් සලකලයි මෙි තිරණයට ආවෙි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ දැනට අනවසරව වගාකටයුතු කරන අප විසින්කල සමික්ෂණයෙන්  හදුනාගනු ලැබු සියලු ගොවියන් ඉන් ඉවත් කරන්න. මොකද මෙික ගැසටිකල රක්ෂිත වනාන්තරයක්, ඒක  ඇතුලේ වගාකරන්න කාටවත්  ඉඩ දෙන්න බැහැ.සියඹලාන්ඩුව ප්‍රාදේශිය ලේකමිවරයා පසුගියදා පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්ව්මෙදි කිවිවා වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ඇතුලේ ගොවි පවුල් සහ ඔවුන්ගේ අනුපවුල් 1270ක් හා ඉන් පිටත පවුල්2641ක්  හේන් වගාකරන බවට හදුනාගෙන තියෙනවා, ඒ නිසා අපි නිදහස්කල අක්කර 25000 මෙි හේන් ගොවියන් සහ දැනට ඉල්ලා ඇති ව්‍යාපෘති සදහා දෙන්න ප්‍රමානවත් නැහැ කියලා, ඒ නිසා එතුමා  තවත් කැලෑ ඉඩමි ප්‍රමාණයක් අවශ්‍ය බව කියනවා.මෙි රක්ෂිතය ඇතුලේ සහ ඉන් පිටත වගාකරන ගොවියන් පිලිබදව අප එම ගොවියන්ගෙන් සම්නවිත ගොවි සංවිධාන සමග එකතුව සමීක්ෂණයක් සිදුකර නාම ලේඛණයක් සැකසුවා, ඒ නිසා සියඹලාන්ඩුව ප්‍රාදේශිය ලේකමිවරයා දැන් කියන සංඛ්‍යා ලේඛණ සමග අපි එකග නැහැ.නමුත් ඒ සංඛ්‍යා ලේඛණ එක්ක එකගවෙලා බැලුවත් අපි නිදහස්කරලා තියෙන අක්කර 25000 මෙි ඉන්න ගොවියන් අතර අක්කර 05 බැගින් බෙදුවත් තවත් අක්කර 10000ක් පමණ ඉතිරි වෙනවා.ඉතිං එතුමට පුලුවන් ඒ ඉතිරිවෙන ඉඩමි ප්‍රමාණය සංවර්ධන කටයුතු වලට ලබා දෙන්න. වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවටත් ඉලක්කයක් තියෙනවා රටෙි වන ගහණය සියයට තිහක් දක්වා වර්ධය කරන්න.ඒ නිසා අපට හැකියාවක් නැහැ දැනට රක්ෂිත ලෙස හදුනාගත් කැලැ කොටස් විනාශකරන්න ඉඩ දෙන්න. අනික මෙි කැලැ ඉඩමි අල්ලාගෙන ඉන්න හේන් ගොවියෝ කියන දෙයක් තමයි ඔවුන් පරමිපරා ගනනාවක් තිස්සේ මෙි ඉඩමි වල හේන් කලා කියන එක. නමුත් චන්ද්‍රකා ජායාරෑප සැලකුවාම අපට පේනවා, මෙි රක්ෂිතයේ ඉඩමි විනාශ කිරිම අරභන්නේ මෑතක කියලා“

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *