වගවීමෙන් යුතුව කොරෝනා සටනට එක්වන්න. මාධ්‍ය සංවිධාන මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි.

ව්‍යසනකාරී කොවිඩ් 19 වසංගතය පැතිර යන මොහොතේ මාධ්‍ය කර්මාන්තයේ ආරක්ෂාව අවධාරණය කරන අතර මාධ්‍ය සේවකයින් හා මහජනයාගේ ආරක්ෂාව සැළසීමට සිය වගවීම තහවුරු කරන මෙන් මාධ්‍ය සංවිධාන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් සහ හිමිකරුවන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
“කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්‍රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත කාලය පුරාම ජනමාධ්‍ය සතු එම යුතුකම හා වගකීම මැනවින් ඉටුකරමින් මේ ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපගේ අපේක්ෂාවයි. ඒ අතර ම, විශේෂයෙන් පුවත්පත් කර්මාන්තය ඇතුළු මාධ්‍ය කර්මාන්තය සහ එහි පැවැත්ම ආරක්ෂා කරගැනීමද අතිශයින් වැදගත් බව අපි අවධාරණය කර සිටිමු.” යනුවෙන් මාධ්‍ය හිමිකරුවන් සහ ප්‍රධානීන් අමතන මාධ්‍ය සංවිධාන එකමුතුව කරුණු කිහිපයක් පෙන්වා දෙමින් ඒවා පිළිබඳ සැළකිලිමත් වන මෙන් දන්වා තිබේ.
මාධ්‍ය සංවිධාන එකමුතුව නිකුත් කළ ලියවිල්ල මෙතැනින් බාගන්න.