ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී විෂමාචාර හැසිරීමක නිරත වූ බන්ධාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය මිතුරන් පිරිසක් සමග රාත්‍රී කාලයේ ගිනි අවි සහිතව වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ අමාත්‍යවරයා පසුව හෙලිකොප්ටරයකින් පැමිණ අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදුණු බවට චෝදනා එල්ල විය. අනුරාධපුර බන්ධනාගාරයෙහි රඳවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට ගත් ඔහු ඔවුන් දෙදෙනාගේ හිසට පිස්තෝලයක් එල්ල කර මරණීය තර්ජන සිදු කරන ලද බව විපක්ෂ මන්ත්‍රීවරු සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියහ.

මේ අවස්ථා දෙකෙහිදීම ඇමතිවරයා බීමත්ව සිටි බව වාර්තා විය. පවතින නීතිය අනුව, රාත්‍රී කාලයේ බන්ධනාගාරවලට ඇතුළු වීම මෙන්ම ගිනි අවි සහිතව ඇතුළු වීමද බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *