ලොවට නෑසෙන හංස ගීතය – ආබාධ සහිත ජනයාට සවන් දෙමු

ඉන්දික ගරුසිංහ වැල්ලවාය

මට පුංචි කාලේ මම ආබාධිතයි කියලා හිතුනේ නෑ .ටිකක් තේරෙන කොට ළමයි එක්ක සෙල්ලම් කරන්න යනකොට තාත්තා කිව්වා උඹට ඕවා කරන්න බෑ පැත්තකට වෙලා හිටපං කියලා .එතකොට තමයි මට හිතුනේ මටත් මොනව හරි අඩුපාඩුවක් තියෙනවා කියලා . කිසිම පහසුකමක් නැතිව රංදෙණිය සියඹලාගුනේ කියන නගරයෙන් ඈත ගමක් හිටපු මම  සියලු අභියෝග ජයග්‍රහණය කරලා විශ්ව විද්‍යාලයට ගියා . උපාධියත් ගත්තා .ජිවිතයේ මගේ අභියෝග මම අද තරමක් දුරට ජයග්‍රහණය කලත් අපේ සහෝදර සහෝදරියන් අදටත් බොහෝ තැන්වලදි අසරණ වෙලා ඉන්නවා යැයි ශ්‍යමලි දිල්රැක්ෂි සමරසේකර මෙනවිය කියා සිටියාය.

ඇය මෙසේ කියන්නේ සමාජයේ තවත් ප්‍රජාවක් විඳින දුෂ්කරතා  පිලිබඳ ගැඹුරු කතාවකි .ඒ ආබාදිත ප්‍රජාව සමාජයේ මුහුණ පාන බරපතල ගැටලු ගැන හෙලිදරව්වක්ද සමගිනි .

2012 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහණයෙන් 9.4%ක් ආබාධ සහිත තත්ත්වයෙන් පසුවන අතර දරිද්‍රතාවය සහ ආබාධිත තත්ත්වය නිසා ආන්තීකරණයට ලක් වු ජන කණ්ඩායමක් ලෙස මෙම ප්‍රජාව හඳුනාගත හැකිය. 

ආබාධ සහිත පුද්ගලයින් ආර්ථික, සමාජීය සහ දේශපාලනීක වශයෙන් ස්වාධීන පුද්ගලයින් බවට පත් කරලීමට තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තවමත් පවතින අතර එම වැඩ පිළිවෙල රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයින්ගේ ද සහභාගීත්වයෙන් සකස් කිරීම ඉතා වැදගත් වේ. සුභසාධන තේමාවෙන් ඔබ්බට ගොස් සංවර්ධන ව්‍යපෘතින්  තුල ද සියළුදෙනා ඇතුලත්වන ක්‍රමවේදයන්  සකස්විය යුතුය. 

එබැවින් මොනරාගල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් කාලීන  වශයෙන් මුහුණපාන පොදු ගැටලු කිහිපයක් වගකිවයුතු පාර්වයන්ගේ අවධානය සහ කඩිනම් විසදුම් සදහා යොමුකරමින් ඔවුන් කියා සිටින්නේ  මෙකී ගැටලු සදහා තිරසාර විසදුම් ලබාදිම තුලින්  ආබාධ සහිත පුද්ගලයින්ට තම ඡීවන මට්ටම උසස් කරලීමට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය වනු ඇති බවයි  

රැකියා ලක්ෂය වැඩසටහනට ආබාධ සහිත තැනැත්තන්ට 3% අවස්ථාව නොලැබීම

හිටපු ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ   දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වු  වු රැකියා ලක්ෂය වැඩසටහන ආබාධ සහිත පුද්ගලයින් සහ උග්‍රආබාධිත සහිත තැනැත්තන්ගේ භාරකරුවන් ද ඇතුළත් කිරීමට තීරණය කිරීම ප්‍රසංශනීය  කරුණකි.එසේ  වුවද  මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදි මෙකී කණ්ඩායම වෙනුවෙන් විශේෂයෙන් අවධානයක් යොමු කර  සම්මුඛ පරීක්ෂණයට භාජනය කලද ඔවුන් සුභවාදි බලාපොරොත්තුවකින් යුතුව බලා සිටියද රැකියා ලක්ෂය පළමු වැඩසටහන තුළ ඔවුන්ට අවස්ථාව නොලැබීම ඉතා කණගාටුදායකය. තවද, දෙවන අදියර මේ වනවිට ක්‍රියාත්මක  වන නමුත් එහිදි රැකියාවට බඳවා ගැනීමේදි ආබාධ සහිත තැනැත්තන් සහ ඔවුන්ගේ භාරකරුවන්ට අවස්ථාවක් නොදී ප්‍රතික්ෂේප කර ඇත.

මොනරාගල දිස්ත්‍රික්කය තුළ  වෘත්තිය පුහුණු ලැබීමට ඇති බාධා 

මොනරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති වෘත්තිය පුහුණු මධයස්ථානවල ඇති පාඨමාලවන් නවින තාක්ෂණයට අනුව යාවත්කාලීන විම සහ යටිපතල පහසුකම් ස්ථාපිත වුවද එය ආබාධ සහිත තරුණ තරුණියන්ට ද හිතකර පරිදි සහ ගැලපෙන ආකාරයෙන් නොවිම. ඒ අනුව එම වෘත්තිය පුහුණු මධයස්ථානවල ප්‍රෙව්ශ පහසුකම් (සනීපාරක්ෂක පහසුකම්ද ඇතුලත්ව), නේවාසික පහසුකම් සහ නවින පාඨමාලාවන් සංඥාභාෂා පරිවර්ථන සහිතව හෝ දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ට හිතකර පරිදි තාක්ෂණික ක්‍රමවේදයන්  රහිත විම නිසා බොහෝ ආබාධ සහිත තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවලට ඇතුළත්විමට ඇති ඉඩකඩ ඇහිරි ගොස් ඇත. ඒ හේතුව නිසාම වෘත්තිය පුහුණ පාඨමාලාවක් හැදෑරිමට කැමැත්තක් ආශාවක් තිබුනද  එවැනි පුහුණූ පාඨමාලා සඳහා සම්බන්ධ නොවා සිටිමට බොහෝ පිරිසකට අකමැත්තෙන් වුවද සිදුවි තිබේ .

ස්වයං ව්‍යපාරයන් හී   නිරත ආබාධ සහිත තැනැත්තන්ට සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට අලෙවි මධ්‍යස්ථාන නොමැති විම

විවිධ බාධක සහ අපහසුතාවයන් මධ්‍යෙය්  කුඩා ස්වයං ව්‍යාපාරවල (පාසල් බෑග්, පාවහන්, විවිධ අත්කම් භාණ්ඩ, කොසු ඉදල් ආදි නිෂ්පාදන) නිතර වන ආබාධ සහිත පුද්ගලයින්ට සිය නිෂ්පාදන අලෙවි මධ්යස්ථානයක් මොනරාගල දිස්ත්රික්කය තුළ නොමැති විම නිසා දැඩි අපහසුතාවයට ඔවුන් පත්වි සිටිති . ඔවුන් භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රියාවලියට අමතරව අලෙවි කිරීම   කළ යුතුව තිබේ. නමුත් අලෙවි මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නේ නම් සියලු නිෂ්පාදන එම ස්ථානයේ ප්‍රදර්ශණය සහ අලෙවි කිරීම සිදු කළ හැකිය. එම අලෙවි මධයස්ථානය පවත්වාගෙන යාමට ආබාධ සහිත පුද්ගලයින් කිහිපදෙනකුට රැකියා අවස්ථා ලබාදිය හැකිය.

විශේෂයෙන්ම සංචාරක කර්මාතන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වැල්ලවාය හා  බුත්තල නගර ආශ්‍රිතව ආබාධ සහිත පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අලෙවි මධ්‍යස්ථානයක් නගර සීමාව තුළ ඉදිකිරීම සහ මධයස්ථානය පවත්වාගෙන යාමට උනන්දුවක් හා සුදුසුකම් ඇති ආබාධ සහිත පුද්ගලයින් ම කිහිපදෙකු එම ස්ථානයේ සේවායේ යෙදවිම. අවස්ථාව සැලසීම මෙන්ම  රඡය සතුව පවතින විවිධ ලෙවි සැල් හරහා අලෙවිකරගැනීමට අවස්ථාව ලබාදීම තුලින් මෙම ආබාධිත පුද්ගලයින්ට ස්වශක්තියෙන් නැගිටිමට අත්වැලක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

 ආබාධ සහිත ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට පුහුණු විමට හා ක්‍රිඩා කිරිමට ක්‍රිඩා පිටියක් නොමැති විම 

ක්‍රිඩාවෙන් උපන් හපන්කම් දක්වන සුවිශේෂි දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රිඩකයන් රැසක් සිටියද ඔවුන්ට ක්‍රිඩා කිරිමට හෝ පුහුණුවිම් කටයුතු සඳහා ක්‍රිඩා පිටියක් නොමැති විම ද බරපතල අඩුවකි .

 2018 වර්ෂයේ ජාතික පැරා ඕලිම්පික් තරගාවලියේ අනුශුරතාවය ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානයේ වෙල්ලස්ස ක්‍රිඩා  සමාජය විසින් ලබාගන්නා අතර  2019 වර්ෂයේ  ආසියාතික පැරා යොවුන් ක්‍රිඩා  තරගාවලියේදි බැට්මිටන් සහ දුනුවිදිමේ තරගා වලියෙන් ලෝකඩ පදක්කම හිමිකරගන්නා ලදි

මෙවැනි ජයග්‍රහණ  ලබාගනු ලැබුවේ සිය පුහුණුවීම් කටයුතු සිදුකිරීමට අවම පහසුකමක් හෝ  නොමැති පසුබිමකය. වාර්ෂිකව ජාතික පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම වෙල්ලසේ ආබාධ සහිත ක්‍රිඩක ක්‍රිඩිකාවන්  ඉදිරිපත් වුවත් ඔවුන්ගේ පෝෂණය සහ පුහුණුවිම් කටයුතු සදහා ග්‍රාමිය  මට්ටමේ ප්‍රෙව්ශ  පහසුකම් සහ ක්‍රිඩා  උපකරණ අවම ප්‍රමාණයකින් හෝ  සපයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මොනරාගල දිස්ත්රික්ක වැනි දුෂ්කර ප්‍රදේශවල ආබාධ සහිත ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ ක්‍රිඩා කෞෂළ්‍ය ජාත්‍යන්තර   තලයට ගෙනයාම සඳහා දක්වන උනන්දුවෙහි අඩුවක් දක්නට ලැබිම සැබවින්ම අවාසනාවකි

බුද්ධි උණතා, සෙමෙන් මනස වැඩෙන, උග්‍ර ආබාධ සහිත තත්ත්වයේ පසුවන ආබාධ සහිත තැනැත්තන් රැකබලා ගැනීමට මධ්‍යස්ථානයක් නොමැති විම

බොහෝ ආබාධ සහිත තැනැත්තන් සිය දෙමාපියන් වියෝවු පසු සිය සහෝදර සහෝදරියන් යටතේ විවිධ වෙනස්කොට සැළකීම් මධ්‍යෙය්  ජීවත් වෙති. ඔවුන්ගේ ජිවිතයේ අවසන් කාලය නිසි රැකබලාගැනීමක් සිදු නොවේ. ඔවුන් කෙරෙහි සහකම්පාවකින් යුතුව වයෝවෘත් වු පුද්ගලයින් සැනසීමේ සිය කාලය ගත කිරීමට හැකි නිදහස් පරිසරයක් සිය පවුලෙන් හෝ සමාජයෙන් ලබා නොදේ.මේ නිසා මොනරාගල දිස්ත්‍රික්කය තුළ අසරණ ආබාධ සහිත වැඩිහිටි පුද්ගලයින් රැකබලාගැනීම සඳහා සියලුම පහසුකම් සහ නවින තාක්ෂණයෙන් යුතු මධ්‍යස්ථානයක් ඉදිකිරීම කලයුතුව තිබේ . 

මොනරාගල දිස්ත්‍රික්කය තුළ සිදුකරන සංවර්ධන වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉදිකිරීම්   වලදී ප්‍රෙව්ශ පහසුකම් සකස් නොකිරීම

මොනරාගල දිස්ත්‍රික්කය තුළ මං මාවත්, නගර, ක්‍රිඩාංගන, ළමා උද්‍යාන, බස්නැවතුම් පොළවල්, මහජන පුස්තකාල, ඇතුළ සේවා සහ භාණ්ඩ සපයන සියලුම ආදාළ බලධාරී ආයතනවලට ප්‍රවේශ පහසුකම් (වැසිකිළි පහසුකම් ද සහිතව) නිසි ප්‍රමිතියෙන්  යුතුව (2006.10.17  අංක 1467/15  අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නිකුත් කර ඇති 2009.09.18 අංක 1619/24 ප්‍රවේශ නියෝග ඇති විධිවිධාන ප්‍රකාරව) සකස් කර නොමැති අතර ඒ නිසා ආබාධ සහිත පුද්ගලයින් සේවා හා සම්පත් ලබාගැනීමට ඒ ඒ ආයතනවලදී දැඩි අපහසුතාවයට ලක් වේ. 

මේ නිසා ආබාධ සහිත බොහෝ දෙනකු සිය සේවාවන් සඳහන් සිදු කරගත නොහැකිව සිටිති. තවද මොනරාගල දිස්ත්‍රික්කයේ කිසිදු රාජ්‍ය ආයතනයක් තුළ සංඥා භාෂා පරිවර්තන සේවා නොමැති අතර ඒ නිසා කථනාබාධ සහිත ප්‍රජාව දැඩි අසරණභාවයකට පත්වි ඇත.

බස් රථ සහ පොදු ප්‍රවාහන සේවාවන් හිතකර නොවීම

ආර්ථිකම වශයෙන් ශක්තියක් නොමැති මොනරාගල දිස්ත්‍රික්කය වැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ආබාධ සහිත තැනැත්තන්ට සිය දෛනික කාර්යයන් සිදු කරගැනීමට පෞද්ගලික වාහනයක් මිළදී ගැනීමට හැකියාවක් නොමැත. දැනට ඔවුන් රෝහලට යාම, ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයප්‍රා දේශිය සභාව ඇතුලු දෛනික අවශ්‍යතාවයන් සඳහා  යාම, වෙනත් අවශ්‍යතාවයන් භාවිත කරන්නේ ත්‍රි රෝද රථ කුලීයට ලබාගැනීම මගින් හෝ පොදු ප්‍රවාහන සේවය මගිනි . කුලි රථ සේවය භාවිතා කලද ඒ සඳහා  විශාල මුදලක් දැරීමට සිදුවේ

දැනට පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන බස් රථ ආබාධ සහිත පුද්ගලයින්ට කිසිසේත් හිතකර නොවිම නිසා ආබාධ සහිත තැනැත්තන්ගේ  සිය දෛනික ගමන් බිමන් බොහෝමයක් සීමා වි තිබේ.ඒ හේතුව නිසා  දිස්ත්‍රික්කය  තුළ අභ්‍යන්තර  ප්‍රවාහනය මෙන්ම දුර මගී සේවාවන් (අග නගරය ඇතුළ අනෙකුත් ප්‍රදේශ)වලට යෑම් ඊම් සිදු කළ නොහැකිතත්වයක් උදාවී තිබේ . ඒ අනුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති අතර එය ආබාධ සහිත පුද්ගලයින් සමාජයෙන් බැහැර කීරීමක් ලෙස ද පෙන්වාදිය හැකිය. 

මොනරාගල දිස්ත්‍රික්කයේ සිට අගනගරයට බොහෝ අවශ්‍යතාවයන් සපුරාගැනීමට (ප්‍රතිකාර ලබාගැනීම, උසස් අධ්‍යපන කටයුතු සඳහා, රැකියා සඳහා, වෙනත් සේවාවන් ලබාගැනීමට) යාමට සිදු වේ. එහිදි ආබාධ සහිත පුද්ගයින් විශාල මුදලක් දරමින් කුලී රථයක් භාවිත කිරීමට සිදුවේ. 

තවද දුර මගී සේවා සදහ යොදවා ඇති බස් රථ මෙන්ම එම බස් රථ අතරමග කෙටි විවේකය සඳහා නතර කරන ස්ථාන ආබාධ සහිත පුද්ගලයින් ඇතුළ කිසිදු මගීයකුට හිතකර නොවේ. 

2019 වසරේ මෙම අවශ්‍යතාවයන් සම්බන්යෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන  ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විශේෂ අවධානයක් යොමුකල අතර ඔවුන් ඒ සම්බන්යෙන් යෝජනා වලියක්ද ඉදිරිපත් කර තිබුනි 

මේ සම්බන්යෙන් අදහස් දක්වන එම සංවිධිනයේ සභාපති දුලිප් මහතා මෙසේ කියා සිටියේය.

විශේෂයෙන්ම පොදු මගී සේවාව භාවිත කරමින්  කොළඹ බලා පැමිණෙන ආබාධ සහිත පුද්ගලයෙකුට හෝ කාන්තාවකට  පැය 7කටත් වඩා වැඩි කාලයක් අඩුම තරමින් සිය ශරීර කෘත්‍යවත් ඉටුකරගැනිමට නොහැකිව ඉන්න සිද්ධවෙලා තියෙනවා .

ඒ නිසා අපි මේ සම්බන්යෙන් රජයේ වගකිවයුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරිම සඳහා යෝජඩනා රැසක් ඉදිරිපත් කරලා තියෙනවා 

 බස් රථ ආනයනය කිරීමේදි පතුල් පහත බස් රථ ආනයනය කිරීම සහ මොනරාගල දිස්ත්රික්කයේ ප්‍රධාන  මාර්ග ඔස්සේ නිශ්චිත වේලාවක් අනුව ධාවනයට යොදවිම එක යෝජනාවක් . උදාහරණයක් ලෙස  බිබිල නගරයෙන් ආරම්භ වි මොනරාගල, බුත්තල, වැල්ලවාය හරහා තණමල්විල දක්වා ධාවනය කිරීම. එවිට මෙම බස් රථයට ආබාධ සහිත පුද්ගලයින් භාවිතය කරමින් සිය කාර්යය සිදු කිරීමට නගර අතර යාම සිදු කරගන්න පෙළඹෙනවා

ඒ වගේම දුර මගී සේවාන් සඳහා යොදවන බස් වලින් අවම වශයෙන් එකක් වත් පතුල් පහත සහිත බස් රථයක් යොදවා ආබාධ සහිත තැනැත්තෝට හිතකර පරිදි පොදු ප්‍රවාහණය ක්‍රියාත්මක කරවිම අපේ යෝජනාවක්

පොදු මගී සේවා සදහා භාවිත කරන බස් රථවල ළගාවන නගරය ඩිජිටත් තාක්ෂණික ක්‍රමයෙන් ප්‍රදර්ශණය කිරිමත් වාචිකව ඉදිරිපත් කිරීම. ඒ තුලින් දෘශ්‍යබාධ සහිත පුද්ගලයින්ට එය තමන් සිටින ස්ථානය දැගැනීමට පහසු වන අතර සංඥා භාෂාව මගින් ප්රදර්ශනය කිරීම නිසා කථණාබාධ සහිත තැනැත්තන්ට පහසුවෙනවා. 

කෙටි විවේකය වෙනුවෙන් නතර කරන දුර මගී සේවා බස් රථ  සදහා සේවා සපයන ස්ථාන ආබාධ සහිත ප්‍රාජවටත් ශඔවුන්ගේ අවශ්‍යතා සපුරාගත හැකි ආකාරයට නිසි ප්රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු සියලුම පහසුකම් වලින් සමන්විත ස්ථාන ඉදි කිරීමත් අපේ යෝජනාවක්

රටේ පාලකයින් මෙන්ම වගකිවයුතු අංශ මුනිවත රකින මොහොතක නිරෝෂා තමා වැනි කාන්තාවන් වෙනුවෙන් ඇති ඇති තවත් අවශ්‍යතා ගොන්නක් පිළිබඳව මෙසේ කියා සිටියේ සංනිවේදන ගැටලු රැසක් හේතුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබාගැනිමේදී ගර්භනි කාන්තාවන් ඔවුන්ට ඇතිවන ගැටලු හා වැළදෙන රෝග සම්බන්යෙන් නිසිපරිදි දැන්ම්වත් නොවිම නිසා බොහෝ අවස්තාවල අසරණ බව කියා සිටිමිනි .

ආබාදිත ප්‍රජාව කියන්නෙත් සමාජයේම කොටසක් එකම පවුලක සාමාජිකයින් පිරිසක්. අපිට කාගෙන්වත් සරණක්වත් පිහිටක් උවමනා නෑ. අපිට ස්වඋත්සහයෙන් නැගිටින්න පුලුවන්  ..ඒකට අත දෙන්න කියන කාරුණික ඉල්ලිම විතරයි අපිට කරන්න තියෙන්නේ යැයි කියා සිටියාය.

දෙපාර්තමේන්තුවේ 2012සිදුකල සංඝනණයෙන් පසුව මෙතෙක් ආබාදිත ප්‍රජාව පිළිබඳව නිවරදි සංගණනනයක් සිදුකර නොමැති බව පවසන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්සේ සංවිධානයේ සභාපති දුලිප් මහතායි .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *